මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපට විදෙස් ආයෝජන අවශ්‍යයි

    ඔක්තෝබර් 20, 2014
    අපට විදෙස් ආයෝජන අවශ්‍ය නිසා මේ අයට භූමිය ලබා දී අයෝජන සිදු කළ යුතු බවත් මිනිසාගේ පැවැත්මේ මූලික පදනම සඳහා මේ අණ පනත් ගෙන එන බවත් සුළු අපනයන බෝග සංවර්ධන අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි.
     
    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (20) පාර්ලිමේන්තුවේදී ඉඩම් (සන්තකය පැවරීම සීමා කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ විවාදයට එක්වෙමිනි.
     
    මේ අණ පනත්වලින් දූෂණයට ඉඩ ඇති බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කීවා. සර්ව සම්පූර්ණ නීතියක් හැදුවත් අඩුපාඩු විය හැකියි. දූෂණයෙන් තොර ලෝකයක් ගැන කතා කරනවා නම් සියල්ලෝ ම බෝධි සත්ත්වයන් හරි රහත් බව හරි ලබා තිබිය යුතුයි. භූමිය කියන්නේ අපේ පැවැත්ම හරහා අවශ්‍ය දෙයක්. භූමිය රජය සන්තක, සමාජ සන්තක විය යුතු බව තම හැඟීම බවත් ඔහු පෙන්වා දුන්නේය.
     
    භූමියට තිබිය යුත්තේ රටේ සුබ සිද්ධියට අදාළ ව පරිහරණය කිරීමේ අයිතියයි. මොරටුව - පානදුර පාර පුළුල් කරන්න බැරිව වසර 15ක් හිටියා ව්‍යපාරිකයෙක්ගේ පුද්ගලික ඉඩමක් පවරා ගන්න බැරි ව. පොදු අයිතිය යට කර ගෙන පුද්ගලික අයිතිය මතුවුණා වසර 15ක් පුරා. වතුකරයේ දෙමළ ජනතාව ශතවර්ෂ ගණනාවක් ආර්ථිකය නංවන්න දහදිය හෙළුවා. ඒත් ඔවුන් අදටත් ඉන්නේ ඔවුන්ට අයිති නැති ලැයිං කාමරවලයි. මේ අයට පදිංචියට නිවසක් ලබා දිය යුතු බව ද ඔහු සඳහන් කළේය.
     
    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya