මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංකාවට අවශ්‍ය ආ‍යෝජනවලට අපි සහන ලබා දෙනවා

    ඔක්තෝබර් 20, 2014

    ක්‍රමෝපායික සංවර්ධන නීතිය යටතේ සහන රැසක් ලැබෙන බවත් ලංකාවට අවශ්‍ය ආ‍යෝජනවලට අපි සහන ලබා දෙන බවත්  අන්තර්ජාතික මූල්‍ය සහයෝගිතාව පිළිබඳ ජ්‍යේෂ්ඨ අමාත්‍ය හා මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා ඉඩම් සංතකය පැවරීම සීමා කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයට ඉදිරිපත් කරමින් අද (20) පාර්ලිමේන්තුවේදී පවසීය.


    ඉඩම්වල සින්නක්කර අයිතිය සම්බන්ධයෙන් මෙම පනත ඉදිරිපත් කරනවා. මේ ප්‍රගතිශීලි නීතිය රජය වෙනුවෙන් මේ සභාවට ඉදිරිපත් කරනවා. 1983 මුදල් පනත යටතේ මේ රටේ පුරවැසියන් නොවන අයට ඉඩම් ලබා ගැනීමට පවා තිබූ සියයට සියයේ බද්ද වසර 2002 දී ඉවත් කළා. ඉන් වටිනා ඉඩම් රාශියක් මේ රටේ නොවන අයගේ අතට පත් වුණා. අපි බලයට පත් වී 2004 දී නැවත සියයට සියයේ බද්ද පැනවූවා. සින්නක්කර ඉඩම්වල සන්තකය පිළිබඳ නීතියක් ඇති කිරීමයි මෙහි අරමුණ.

    විදේශිකයන්ට ගිහින් ලංකාවේ ඉඩම් මිලදී ගන්න බැහැ. සියයට සීයයකට වඩා වැඩි කොටස් තිබෙන සහ සියයට සියයක් විදේශීය කොටස් තිබෙන අයට ඉඩම් සින්නක්කරව මිලදී ගන්නට බැහැ. විවිධ හේතු නිසා ඉඩම් පවරා දීම සම්බන්ධයෙන් නීතී රීති පනවා තිබෙනවා. ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට, විදේශිකයකු වෙත තම  මරණින් පසුව ලියූ දේපළක් හෝ ජීවත්ව සිටියදී පවරා දෙන ත්‍යාග ලෙස ඉඩම් වෙන් කිරීමේදී විදේශිකයන්ට එම ඉඩම්වල අයිතිය ලබා ගත හැකියි. බොහෝ රටවල්වල වසර  99 බද්දට ඉඩම් ලබා දෙනවා. හොංකොං රටත් එංගලන්තයට වසර 99 බද්දට යටත් වී තිබුණා. විදේශිකයන්ටත් බදු ක්‍රමය යටතේ මේ රටේ ඉඩම් හිමි කර ගත හැකියි.

    තානාපති සේවාවන් සඳහා ගන්නා ඉඩම්වලට මෙය අදාළ වන්නේ නැහැ. මේ රටේ ඇගලුම් කම්හල් හිමියන් ඉඩම් කල් බදු ක්‍රමය යටතේ අරගෙන මේ රටේ බැංකුවලින් විශාල ලෙස ණය මුදල් ලබා ගෙන ඒ ආයතන වසා දමා රටින් පිටවුණා. ඒවාට දැන් ඉඩ නැහැ. ආයෝජන කලාප, සංචාරක කලාප අනාගතයේ හඳුනාගත ඇති කලාපවල ඉඩම් සියයට 7.5ක බදු ගෙවා එම ඉඩම් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. විදේශ වෙළඳපළ චංචල වීමක් ඇති වන්නේ වසර ගණනකින් පමණ. එහෙම වුණාම වසරක කාලයක් ලබා දෙනවා තමන්ගේ කොටස් වැඩිකර ගැනීමට.


    උපාලි විජේවර්ධන මහතාගේ කාලයේ ගෙනා නීතිරීති අදට වලංගු නැහැ. දැන් මේ මුළු බදු ක්‍රමය ම විමර්ශනය කර බදු ගෙවිය යුතු අය බදු ගෙවිය යුතුයි. තරගකාරී ආයෝජනවලට අපි සහන ලබා දිය යුතුයි. කිසි ම කෙනෙකුට වරදක් සිදු නොවන ලෙස අපේ රටේ පුරවැසියන්ගේ අයිතිය සුරක්ෂිත කරමින් රටේ අවශ්‍යතා අභිමතය පරිදි ගෙනෙන ආයෝජනවලට සහන ලබා දීම අපි සිදු කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya