මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පූර්ණ සාමයට ඇති බාධකය දෙමළ ජාතික සන්ධානයයි

    ඔක්තෝබර් 20, 2014

    අප සාමය දිනා ගත යුතු අතර මේ වන විට 99%ක් සාමය දිනා ගෙන ඇති බවත් තවත් දිනාගැනීමට ඉතුරුව ඇත්තේ 1%ක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී, විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා පවසයි.


    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (20) පාර්ලිමේන්තුවේදී ඉඩම් (සන්තකය පැවරීම සීමා කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ විවාදයට එක්වෙමිනි.

    අපට මේ සියයට එකක් වැනි සාමයේ ඉතුරු කොටස දිනා ගැනීමට නොහැකි වී ඇත්තේ දෙමළ ජාතික සන්ධානය නිසයි. අහිංසක ජනතාවගේ ඉඩම් එල්.ටී.ටී.ඊ.ය බලෙන් ලබා ගත්තා. ඒවායේ ඔප්පු පුච්චලා මිනිසුන් මැරුවා. මේ පනත අපේ සාමාන්‍ය ජනතාවට විශාල සෙතක් සලසනවා. ආර්ථිකය ශක්තිමත් වෙලා, කෘෂි නිෂ්පාදන ඉහළ ගිහින්, කාර්මික අංශය දියුණුයි. යටිතල පහසුකම් දියුණුයි. මේවාත් එක්ක ඉඩම් සංශෝධනය මඟින් ව්‍යාපාර ඉදිරියට ගෙන යා හැකි අවස්ථාවක් උදා වී ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය.

    සජිත් ප්‍රේමදාස මහත්තයා කතා කරනවා වරායේ සංවර්ධනය ගැන. මේක ඉඩම් ගොඩකර හදන විශාල නගරයක්. මෙයට රජයෙන් කිසිදු ආයෝජනයක් නැහැ. විශාල ව්‍යාපෘති එන විට ඉන් කොටසක් ආයෝජනය කරන අයට බද්දට හෝ දිය යුතුයි. ඒ ආයෝජනය සලකා බලා ඉඩම් පනතේ එන සංශෝධන මෙයට අදාළ නැති බ ද ඔහු පෙන්වා දුන්නේය. අවතැන්වූවන් ගැන සජිත් මහත්තයා කතා කළා. පසුගිය සුමානේ ජනාධිපතිතුමා යාපනයට ගිහින් ඉඩම් ඔප්පු 20,000ක් ලබා දුන්නා. LLRC වාර්තාවේ තියෙන රජයේ ප්‍රධාන වගකීමක් එය. මේවා ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. එදා කොටින්ට ආයුධ දුන්නේ, අපේ පොලිසියේ 600ක් ඝාතනය කළේ කවුද? මේ ඉතිහාසය ජනතාවට අමතක නැහැ. අප ඉතිහාසයත් එක්ක ජීවත් වන බව ද ඔහු සඳහන් කළේය.

    එජාපයේ ආණ්ඩු කාලේ අපේ ඉඩම් අක්කර දසදහස් ගණනක් කුණු කොල්ලයට විදේශිකයන්ට දුන්නා. ඒ ඉතිහාසය නිවැරදි කරන්නයි මේ සංශෝධනය ගෙන ආවේ යැයි ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya