මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවෙන් ඉගෙන ගත යුතු බොහෝ දේ ඇතැයි ඉන්දියානු ආරක්ෂක ලේකම් කියයි

    ඔක්තෝබර් 10, 2014
    ඉන්දියානු ආරක්ෂක ලේකම් ආර්.කේ. මතූර් මහතා අද (10) උදෑසන මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.
     
    ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ආරක්ෂක ක්ෂේත්‍රයේ සහයෝගිතාව, මෙම දකුණු ආසියානු අසල්වැසියන් අතර ඇති ප්‍රබල වැදගත් අංගයක් වන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නිරන්තර මතය විය.
     
    දෙරටේ යුද හමුදා අංශ අතර පුහුණු කිරීම් වැඩිදියුණු කිරීම පිළිබඳ ව වැනි කරුණු සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරිණි.
     
    ඉන්දියාවේ ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන්ගේ පුහුණුවීමේ අත්දැකීම් මනාව සිදු වී ඇති බව මතූර් මහතා මෙහිදී රාජපක්ෂ මැතිතුමාට දන්වා සිටි අතර ශ්‍රී ලංකාවෙන් ඉගෙන ගැනීමට කැමැති බොහෝ දේ අපටත් තිබෙනවා යැයි ජනාධිපතිතුමාට පැවසීය.
     
    දැනට පවතින පුහුණු වැඩසටහන් පවත්වාගෙන යාමට අමතර ව ශ්‍රී ලංකාව හා ඉන්දියාව දෙරටේ ආරක්ෂක විද්‍යාපීඨ අතර ආරාධිත දේශකයන් හා දීර්ඝ කාලීන පුහුණුකරුවන් හුවමාරු කිරීම පිළිබඳ ව සොයාබැලීමට ද අපේක්ෂිතය.
     
    ඉන්දියානු මුහුදු පතුල ට්‍රෝලනය කිරීම හේතුවෙන් විනාශ වීම, ශ්‍රී ලංකාවේ උතුරේ ධීවරයන් මුහුණපාන ගැටලු පිළිබඳ ව ජනාධිපතිතුමා මෙහිදී කරුණු දැක්වු අතර සාගර පරිසරයට සිදුවන හානිය විශාල බවත් ශ්‍රී ලංකාවේ ට්‍රෝලනය කිරීම තහනම් කොට ඇති බවත් මතූර් මහතා වෙත දැන්වීය.
     
    මුහුදු පතුල ට්‍රෝලනය කිරීමේ කටයුතු දිගින් දිගටම සිදු කළ හොත් ශ්‍රී ලංකාවටත් ඉන්දියාවටත් ධීවර සම්පත් මුළුමනින් ම අහිමිවනු ඇතැයි පෙන්වා දුන් ජනාධිපතිතුමා එය වඩා බලපානු ඇත්තේ උතුරේ දෙමළ ධීවරයන්ට බවත් අවධාරණය කළේය. නිලධාරීන්ට සහ බලපෑමට ලක් වු පාර්ශවයන් අතර සාකච්ඡා තුළින් ගැටලු සඳහා විසඳුමක් ලැබෙන බවට දෙපාර්ශවයේ ම බලාපොරොත්තුව බවත් ප්‍රකාශ කළහ. 
     
    මතූර් මහතා කොළඹ පැවැති දෙවැනි වාර්ෂික ආරක්ෂක කතිකාවතට සහභාගිවීම සඳහා මෙරටට පැමිණ ඇත. එය දෙරට සහභාගිවන ආරක්ෂක කතිකාවන් කිහිපයකින් එකක් වේ. ඵලදායි ක්‍රියාකාරී සම්බන්ධතාවයක් නිරීක්ෂණය වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ වෙරළ ආරක්ෂක සේවා අතර සාකච්ඡා සඳහා සැලසුම් සකස් කරමින් පවතී.
     
    දෙරට අතර පැවැත්වෙන ආරක්ෂාව ආශ්‍රිත විවිධ කතිකාවත් තුළින් තවදුරටත් පවතින සබඳතා ශක්තිමත් වනු ඇති බවට ජනාධිපතිතුමා සහ ඉන්දියානු ආරක්ෂක ලේකම්වරයා එකඟතාවකට පැමිණියේය. 
     
    ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් වයි.කේ. සිංහා, ඉන්දියානු ආරක්ෂක අමාත්‍යංශයේ සම ලේකම් රාම් සුහාග් සිං, ඉන්දියානු විදේශ අමාත්‍යංශයේ සම ලේකම් සුවිත්‍රා දුරායි මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.
     
    විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් ෂෙනුකා සෙනවිරත්න, ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහත්ම මහත්මීහුද මෙම හමුවට එක්වූහ.
     
    DB
     
    HE met indian defence sect 1
     
     
    HE met indian defence sect 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya