අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අලව්ව - හුම්බුළුව මධ්‍ය මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට

    ඔක්තෝබර් 10, 2014
    අලව්ව - හුම්බුළුව මධ්‍ය මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (10) සිසු අයිතියට පැවරිණි.
     
    අධ්‍යාපන අමාත්‍යංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ නිර්මාණය කළ පරිගණක 40කින් යුත් පරිගණක විද්‍යාගාරයකින්, පරිගණක 20කින් යුත් භාෂාගාරයකින්, ගණිතාගාරයකින්, නැණස දුරස්ථ අධ්‍යාපන ඒකකයකින් හා උසස් පෙළ විද්‍යාගාරයකින් මෙම මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය සමන්විතය.
     
    විද්‍යාගාරය සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත වෙමින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ ව සොයා බැලීය.
     
    ජනාධිපතිතුමාගේ පැමිණීම සැලවීමෙන් දෙමාපියන් මෙන් ම ප්‍රදේශවාසීන් අති විශාල පිරිසක් විද්‍යාලය වෙත රැස්ව සිටි අතර ජනාධිපතිතුමා ඔවුන් සමඟ ද සුහද කතා බහක නිරත විය.
     
    අමාත්‍යවරුන් වන එස්.බී. දිසානායක, බන්දුල ගුණවර්ධන, අනුර ප්‍රියදර්ශන යාපා, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සාලින්ද දිසානායක, ජයරත්න හේරත්, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.
     
    DB
     
    HE alawwa hamboluwa 1
     
     
    HE alawwa hamboluwa 2
     
    HE alawwa hamboluwa 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya