මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ බාල දක්ෂ සමූහයේ 100වැනි සංවත්සර සැමරුම වෙනුවෙන් සංවිධානය කෙරෙන ගවේෂණ තරගාවලියේ වැඩසටහන් න්යායපත්රය ඊයේ (09) මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීය. න්යායපත්රය විදුල්පති පී.ජී.එස්. බණ්ඩාර මහතා විසින් පිළිගන්වන ලදී. මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, නියෝජ්‍ය විදුහල්පති හා විදුහල් සමූහ බාලදක්ෂ නායක එච්.එල්.කේ. කපිල ප්‍රියන්ත මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ. DB