මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් දරුවන් දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීම සම්පූර්ණයෙන් ම නතර කළ යුතුයි

    ඔක්තෝබර් 10, 2014

    පාසල් දරුවන් දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීම සම්පූර්ණයෙන් ම නතර කළ යුතු බව නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා අද (10) පාර්ලිමේන්තුවේදී පැවසීය.


    කතානායකවරයා මෙසේ පැවසුවේ, එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන මරික්කාර් මහතා ඊයේ (09) සුදුවතින් සැරසුණු පාසල් සිසුන් එක්කොට ගෙන රජයට විරුද්ධ ව දේශපාලන වැඩපිළිවෙළක් ලෙස ෆේස්බුක් හරහා ක්‍රියාකිරීම සඳහා සාකච්ඡාවක් පැවැත් වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා අද සභාවට දැන් වූ අවස්ථාවේදීය.



    මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා, අනිවාර්යෙන් ම මෙය වැරදි ක්‍රියාවක් බව පැවසීය. මේ දේ පිළිබඳ ව පරීක්ෂා කර බලා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් හරහා තොරතුරු ලබා දීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya