මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහර බන්ධනාගාරයේ රැඳවුම් ශාලාවල අධික තදබදයක් නෑ

    ඔක්තෝබර් 10, 2014

    මහර බන්ධනාගාරයේ රැඳවුම් ශාලාවල අධික තදබදයක් නොමැති බවත් එහි වැසිකිළි පහසුකම්, බීමට හා නෑමට අවශ්‍ය ජල පහසුකම් සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති බවත් පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතා පවසයි.


    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (10) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    රැඳවුම් ස්ථානයන්හි තදබදයක් පවතින්නේ නම් වෙනත් බන්ධනාගාර හෝ රැඳවුම් කඳවුරු වෙත රැඳවියන් ගෙන යාම, නව බන්ධනාගාර ඉදිකිරීම, ප්‍රජා විශෝධන ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සිදු කරනු ඇත. මේ වන විට ඇපමත මුදා හැරීමේ ක්‍රියාවලිය කඩිනම් කරන්න බන්ධනාගාර දෙපාර්තමේන්තුව, සාමය හා මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය සමඟත් නීතිපති දෙපාර්තමේන්තුව සමඟත් එක් ව කටයුතු සාකච්ඡා කරමින් පවතින බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


    මේ වන විට මහර බන්ධනාගාරයේ රඳවා සිටින මුළු රැඳවියන් සංඛ්‍යාව 1922කි. එහි සැකකරුවන් 750ක් හා සිරකරුවන් ලෙස 1172ක් සිටිති. 


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya