මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් ක්‍රීඩා තරගවලින් 13න් පහළ තරග ඉසව් ඉවත් කර නෑ

    ඔක්තෝබර් 10, 2014

    පාසල් ක්‍රීඩා තරගවලින් අවුරුදු 13න් පහළ වයස් කාණ්ඩයේ තරග ඉසව් ඉවත් කර නැති බවත් ජාත්‍යන්තර නීතිය අනුව සියලු ම පාසල් දරුවන් සඳහා සියලු ම ක්‍රීඩා ඉසව් තැබිය හැකි බවත් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා පවසයි.


    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (10) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝසි සේනානායක මහත්මිය විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    පාසල්වලට ඉදිරිපත් කර ඇති නිර්ණායක අනුව මේ ක්‍රීඩා තරග පැවැත්විය යුතුයි. මීටර් 3000, මීටර් 5000, ගම හරහා දිවීම, පාපැදි වැනි විශේෂ තරග සඳහා ළමුන් ඉදිරිපත් කිරීමට පෙර වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර ශාරීරික යෝග්‍යතා සහතිකයක් ලබා ගත යුතුයි. පුහුණුවීම් නිසි පරිදි කළ බවට ද පාසල් ගුරුවරයා විසින් සහතික කළ යුතු බවත් ඒ ඒ වයස් කාණ්ඩයට ගැළපෙන පරිදි සිසුන්ගේ ක්‍රියාකාරිත්වය අනුව පාසල්වල ක්‍රීඩා ඉසව් පැවැත්විය හැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya