මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දැදුරු ඔය ජලාශ ව්‍යාපෘතියෙන් මෙගා වොට් 2ක විදුලිය නිපදවයි

    ඔක්තෝබර් 10, 2014

    කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ඉදිවෙමින් පවතින දැදුරු ඔය ජලාශ ව්‍යාපෘතියට සම්බන්ධ කර කුඩා ජලවිදුලි බලාගාරයක් ඉදිකිරීමට යෝජිත බවත් ඒ තුළින් මෙගා වොට් 2ක විදුලි ධාරිතාවක් නිෂ්පාදනය කිරීමට අපේක්ෂිත බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.


    අමාත්‍යතුමිය මෙසේ පැවසුවේ අද (10) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    මේ ව්‍යාපෘතියේ යෝජනාව අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති දළ ඇස්තමේන්තු අනුව වැය වන මුළු මුදල රුපියල් මිලියන 486ක් බවත් ඇය සඳහන් කළාය. 

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya