අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තු නියෝජනයේ 25 වසර සමරන අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු උපහාර ජනපති ප්‍රධානත්වයෙන්

    ඔක්තෝබර් 06, 2014

    පාර්ලිමේන්තු නියෝජනයේ අපරාජිත 25 වසරක් සමරන සමාජ සුභසාධනය පිළිබඳ ජ්‍යේෂ්ඨ අමාත්‍ය, වෙන්නප්පුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක, පුත්තලම් දිස්ත්‍රික් නායක මිල්රෝයි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් උපහාර පිදීමේ උත්සයවක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (06) පස්වරුවේ වෙන්නප්පුව ශ්‍රීමත් ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


    ජ්‍යේෂ්ඨ අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු මහතා වෙත උපහාර තිළිණයක් පිළිගැන්වීමද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

     


    මෙරට උළු කර්මාන්තය රැක ගැනීම වෙනුවෙන් ජනාධිපතිතුමා ඉටුකරන මෙහෙවර උදෙසා වෙන්නප්පුව ජනතාවගේ උපහාරය ජනාධිපතිතුමා වෙනුවෙන් පිළිගැන්වීමේ උපහාර තිළිණය ‍ජ්‍යේෂ්ඨ අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු මහතා විසින් ජනාධිපතිතුමාට පිළිගන්වනු ලැබීය.

     


    අමාත්‍යවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, පියංකර ජයරත්න, වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස ආර්. බලල්ල, නියෝජ්‍ය අමාත්‍ය වික්ටර් ඇන්තනී පෙරේරා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.

    SDF/pmu_pics by: Sudath Silva

    02 105 104 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya