සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය සේවාව ප්‍රතිනිර්මාණය කිරීම සඳහා නව පනත් කෙටුම්පත් 09ක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට

    අගෝස්තු 08, 2024

    සෞඛ්‍ය සේවාව වර්තමානයට ගැලපෙන ආකාරයට ප්‍රතිනිර්මාණය  කිරීම සඳහා නව පනත් කෙටුම්පත් 09ක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට

    සෞඛ්‍ය සේවාව වර්තමානයට ගැලපෙන ආකාරයට ප්‍රතිනිර්මාණය කිරීමට අවශ්‍ය පනත් කෙටුම්පත් 09ක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ  මහතා අද(08) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත් දෙකක් දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය

     වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

    ‘’ගිය සතියේ අපි කැබිනට් මණ්ඩලයට පනත් කෙටුම්පත් රාශියක් ඉදිරිපත් කලා. ඒ පනත් කෙටුම්පත් 9 ක් විතර අපි ඉදිරිපත් කරලා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව වර්තමානයට ගැලපෙන ආකාරයට අනාගතවාදීව ප්‍රතිනිර්මාණය කරන්න අවශ්‍ය පනත් මේ සදහා අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ හරහා අපි හොද ප්‍රතිසංස්කරණයක් සෞඛ්‍ය අමාත්‍යංශය ඇතුලේ කරන්න අපි බලාපොරෝත්තු වෙනවා රටේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන්. 

    ‘’එහිදී මාතෘ මරණ සහ උග්‍ර මාතෘ රෝගා බාධ පිළිබද ජාතික කාර්යංශයක් ඇති කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවේ මාතෘ මරණ ඉතාම හොද මට්ටමකට අඩු වෙමින් පැවතුනා පසුගිය දශකවලදී. හැබැයි මේකේ ස්ථාවර මට්ටමක් තියෙනවා 2005 පස්සේ අපේ මාතෘ මරණ ප්‍රමාණය වෙන්නේ 20 – 25 මට්ටමේ සජීවී උපත් ලක්ෂයකටයි. ‘’

    ‘’මේක එතනින් එහාට අඩුවෙලා නෑ. ලෝකයේ සමහර දියුණු රට වල මේ මට්ටම තිබෙන්නේ ගොඩක් වෙලාවට 10-15 මට්ටමේ සජීවී උපත් 100,000 කට. ඉතින් අපි මේ සම්බන්ධයෙන් පසුවිපරම් කරන්න අවශ්‍යයි. කැබිනට් මණ්ඩලයේ විශේෂයෙන්ම මාතෘ මරණ සහ උග්‍ර මාතෘ රෝගා බාධ පිළිබද ජාතික කාර්යංශයක් පිහිටවන්න අපි කැබිනට් යෝජනාවක් ඉදිරිපත් කලා.’’

    ‘’Patient safety charter අපි ස්තුතිවන්ත වෙන්න අවශ්‍යයයි සෞඛ්‍ය අමාත්‍යංශයේ අධීක්ෂණ කාරක සභාවට මයන්ත දිසානායක මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන. ඔවුන් රෝගීන්ගේ ආරක්ෂාව පිලිබදව ප්‍රතඥප්තියක් ඉදිරිපත් කලා. අපි ඒක නීතියක් කරන්න බලාපොරෝතු වෙනවා. ඒ හරහා විශේෂයෙන්ම ලෝකයේ ගොඩාක් රටවල වල  Patient safety charter එකක් ඉදිරිපත් කරලා තියෙනවා රෝගීන්ගේ ආරක්ෂාව සහ සුරක්ෂිතතාවය වෙනුවෙන්. ගොඩක් දේවල් වලදී ලංකාවේ වුනත් සමහර වෙලාවට රෝගීන් පිලිබදව යම් කිසි යම් යම් අතපසුවීම් සිදුවෙන්න පුළුවන් සෞඛ්‍ය අංශ පැත්තෙන්. සහ රෝගීන්ට තියෙන අයිතිවාසිකම්. ගොඩක් රටවල bed ticket එකේ ඉදලා තොරතුරු සියල්ල රෝගීන්ට ලබා දෙනවා. රහස්‍යභාගයක් අපි තියා ගන්නේ නෑ. ඒ තත්වයට පරිවර්තනය කරලා රෝගීන්ගේ තත්වයන් පිිලිබදව රෝගීන්ගේ භාරකරුවන් දැනුවත් කරන්න වඩාත් විනිවිද පෙනෙන සුළුභාවයෙන් කටයුතු කරන්න අවශ්‍ය නීති සම්පාදනය කරලා රෝගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කැප වෙච්ච සෞඛ්‍ය සේවාවක් නිර්මාණය කරන්න අවශ්‍ය පනත් කෙටුම්පත් අපි ඉදිරිපිත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒකට අවශ්‍ය තීන්දුව Patient safety aggregation bureau ශ්‍රී ලංකාවේ රෝගීන්ගේ ආරක්ෂාව පිලිබදව ප්‍රතීතන සුරක්ෂිත සහ ප්‍රතීතන කාර්යංශය ඇති කරන්නත් අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදු කරලා කැබිනට් තීන්දුව අරගෙන තියෙනවා. ඒ වගේම රෝග පාලනය වැලැක්වීමේ ජාතික මධ්‍යස්ථානයක් centre of disease control කියන මධ්‍යස්ථානය ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇති කරන්න කටයුතු කරනවා.’’

    ‘’Global health diplomacy bureau ලෝකයේ අනෙකුත් රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් විශේෂයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය, world health assembly, සියරෝ, අපේ කලාපයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත කාර්යාලය ඒ වගේම ලෝකයේ එක්සත් ජාතින්ගේ මධ්‍යස්ථාන සමග සම්බන්ධීකරණය කරමින් වඩාත් පැතිරුණු පුළුුල් ජාලයක් ඔස්සේ අන්තර් සම්බන්ධතාවයන් වර්ධනය කරගෙන කටයුතු කරන්න අවශ්‍ය, Global health diplomacy bureau කියන අංශය ඇතුලත් කරලා දැනට තිබෙන මට්ටමින් ඉහල ගෙනිහිල්ලා විශේෂඥතාවය සහිත පිරිසක් සමඟ මේ තත්වයන් වැඩිදියුණු කරන්න අවශ්‍ය කාර්යංශක් ඇති කරනවා.’’

    ‘’ජාතික ඩිජිටල් සැලැස්ම national digital health blueprint එක ඇති කරන්නට අපි දැනටමත් ඉදිරිපත් කරලා තියෙනවා. මේක සෞඛ්‍ය අමාත්‍යංශයේ  පිලිගත්තු ප්‍රතිපත්තිමය තීරණයක් හැටියට වඩාත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යන්නට අවශ්‍ය ජාතික ඩිජිටල් සැලැස්ම ක්‍රියාත්මක කරන්න අවශ්‍ය health information bureau එකක් ඇති කරන්නත් අපි කටයුතු කරනවා. ඒ සම්බන්ධයෙනුත් අපි ගිය සතියේ කැබිනට් තීන්දුවක් අරගෙන අනුමත කරලා තියෙනවා. ඒ නිසා මේ ප්‍රතිපත්තිමය තීන්දු හරහා අපි බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය වඩාත් විධිමත්ව ශක්තිමත්ව ඉදිරියට ගෙන යන්නට කටයුතු කරන එකයි. ’’

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya