මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හාලිඇළ සිදුවීම ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරනවා

    සැප්තැම්බර් 26, 2014

    පසුගියදා හාලිඇළ නගරයේදී හරීන් ප්‍රනාන්දු මහතාගේ වාහන 03කට මාධ්‍යවේදීන් දෙදෙනෙකුට හා වාහන 02කට අනර්ථයක් සිදු කිරීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන බව අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා පවසයි.

     

    අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (26) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 23(2) යටතේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

     

    ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී (බදුල්ල) හා සහකාර පොලිස් අධිකාරී (බදුල්ල) යන නිලධාරීන් යටතේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පරීක්ෂණයක් පවත්වනු ඇත. ඒ සිද්ධියට අදාළ හාලිඇළ, බදුල්ල හා නෙළුව ප්‍රදේශයන්හි සැකකරුවන් 08 දෙනෙකු බදුල්ල 


    පොලිස් ස්ථානයට ඉදිරිපත් වීමෙන් පසු අත් අඩංගුවට ගෙන  බදුල්ල මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කර එක් සැකකරුවෙකුට රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප තැන්පත් කිරීමෙන් පසු ඇප ලබා දී ඇත. ඔක්තෝබර් 10 දින නැවත නඩුව කැඳවන බවත් වැඩිදුර විමර්ශනවලින් පසුව එක් පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.

     

    තුවාල ලැබූ සිරස මාධ්‍යවේදී කපිල චන්දන කුරුප්පුආරච්චි මහතාට අදාළ සිද්ධිය සඳහා වන්දි මුදලක් ලබා ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු විභාගයෙන් පසු සිවිල් අධිකරණයේ නඩුවක් ගොනු කළ යුතුයි. මෙය අහඹු සිද්ධියක් වන අතර කිසිදු ජනමාධ්‍ය වේදියෙකුට බියකින් හා සැකයකින් තොර ව රට තුළ ආරක්ෂිත වාතාවරණයක් පවතිනු ඇත. ජනමාධ්‍යවේදීන්ට ජනතාව මෙන් ම දේශපාලඥයනුත් ආදරෙයි. කලාතුරකින් මෙවැනි සිද්ධියක් ඇති වන්නේ. වෙන රටවල්වල ජනමාධ්‍යවේදීන්ගේ බෙල්ල කපනවා. නමුත් ලංකාවේ ජනමාධ්‍ය ආරක්ෂා කරන බවට ලෝකය ම පිළිගෙන තිබෙන බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya