මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුවේ ප්‍රශ්න අසන්නට මන්ත්‍රීවරුන් නෑ

    සැප්තැම්බර් 26, 2014

    අද අඩු ම කාලයක් තුළ වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න සියල්ල අසා අවසන් කළ බව නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා අද (26) පාර්ලිමේන්තුවේදී පැවසීය.


    අද පස්වරු 1.30ට පාර්ලිමේන්තුව සභාව රැස් වූ අතර විනාඩි 07ක් වැනි කෙටි කාලයක් තුළ වාචික ප්‍රශ්න පහළොව ම ඇසීම සිදු කෙරිණි. 

    මේ අවස්ථාවේදී නියෝජ්‍ය කතානායකවරයා පැවසුවේ ඇමතිවරුන් සිටින විට ප්‍රශ්න අසන්නට මන්ත්‍රීවරුන් නැති බවත් මන්ත්‍රීවරුන් සිටින විට ඇමතිවරුන් නැති බවත්ය.

    අද (26) පාර්ලිමේන්තු සභා කටයුතු ආරම්භ කර වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න වටයේදී ප්‍රශ්න ඇසීමට අදාළ මන්ත්‍රීවරුන් සභා ගර්භයේ නොසිටි නිසා වීරක්කොඩි මහතා මේ බව සඳහන් කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya