මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවි නැඟුමෙන් කෘෂි බීජ පැකට් 1,423,930ක් ප්‍රතිලාභීන්ට බෙදා දී තිබෙනවා

    සැප්තැම්බර් 24, 2014

    දිවි නැඟුම යටතේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා ප්‍රතිලාභීන් වෙත කෘෂි බීජ පැකට් 1,423,930ක් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වූ බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ මහතා පවසයි.

     

    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ඊයේ (24) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

     

    මේ සඳහා රුපියල් මිලියන 56.14ක් වැය කර ඇත. එම වැඩපිළිවෙළ මඟින් අපේක්ෂිත ප්‍රතිඵල ළඟා කර ගෙන ඇති බව ද ඔහු කීය.

     

    ගෘහ ආර්ථික ඒකක ප්‍රජා සංවර්ධනයට දායක කර ගැනීම, පලා වර්ග, එළවළු හා ඖෂධ වර්ග වෙළෙඳපොළ ආර්ථිකය යටත් කර ගෙන ඇති නිසා එය වළක්වාලීම මේ මඟින් සිදු වේ. නිරෝගී හා පෝෂණයෙන් සපිරි පවුල් ඒකක ගොඩනැගීම, කෘමිනාශක භාවිතයෙන් තොර ව කාබනික පොහොර භාවිතයෙන් සැකසූ ආහාර ලබා ගන්න ජනතාව මේ නිසා යොමුව ඇත. ගෙදරදොර අවශ්‍යතා සඳහා අමතර ආදායම් මාර්ගයක් උපයා ගැනීම මෙන් ම එළවළු නිෂ්පාදනයේ ඉහළ යාම නිසා එළවළු මිලෙහි අඩුවක් පැවතීම හා එළවළු පැළ සඳහා ඉල්ලුමක් ඇති නිසා ග්‍රාමීය මට්ටමේ පැළ තවාන්කරුවන් බිහි වී ස්වයංරැකියා උත්පාදනය වී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. 

     

    බීජ හා පැළ වර්ග උපරිම ප්‍රයෝජනය ලැබෙන පරිදි නියං කාලයේදී වගා නොකරන ලෙස ජනතාව දැනුවත් කිරීමට ද කටයුතු යොදා ඇත. මොවුන් සඳහා ලබා දෙන උපකරණ කට්ටල ඉතිහාසයේ ප්‍රථම වතාවට ලබා දෙන බවත් ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි මහජනතාවගේ අවශ්‍යතා සොයා බලා දිවි නැඟුම යටතේ උපකරණ කට්ටල ඇතුළු සියලු දේ ලබා දෙන්න කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. 

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya