මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වයි

    සැප්තැම්බර් 24, 2014

    නිව් යෝර්ක්: ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (24) පස්වරුවේ 2014 එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුවට පරිබාහිරව, ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයක්ම පැවැත්වීය.

    මෙහිදී නේපාල අගමැති සුෂිල් කොයිරාල (Sushil Koirala) මැතිතුමා, කොලොම්බියානු ජනාධිපති ජුවන් මැනුවෙල් සන්ටෝස් කාල්දෙරොන් (Juan Manuel Santos Calderon) මැතිතුමා සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කමලේෂ් ශර්මා මහතා ද, ජනාධිපතිතුමා හමුවූහ.

     

    ජනාධිපති රාජපක්ෂ මැතිතුමා සහ අගමැති කොයිරාල මැතිතුමා නුදුරේ දී පැවැත්වීමට නියමිත සාර්ක් සමුළුව ඇතුළු දෙරටට ද්විපාර්ශ්විකව බලපාන කරණා පිළිබඳ ව සාකච්ඡා කළහ. මේ වසරේ නොවැම්බර් මාසයේ දී කත්මන්ඩු නුවර දී පැවැත්වෙන 18 වන සාර්ක් සමුළුවට ජනාධිපති රාජපක්ෂ මැතිතුමා ද සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

     

    කොලොම්බියානු ජනාධිපති කාල්දෙරොන් සමග ජනාධිපතිතුමා පැවැත්වූ සාකච්ඡාවේදී එම දකුණු ඇමරිකානු රට සමග තවදුරටත් සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව අවධානය යොමු විය. මේ මස මුල දී, කොළඹ දී ශ්‍රී ලංකාවේ කොලොම්බියානු තානාපති මොනිකා ලන්සෙට්ටා මුටිස් (Monica Lanzetta Mutis) මහත්මිය විසින් ජනාධිපති රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර භාරදීම සිදුවිය.

     

    පොදුරාජ්‍ය මණ්ඩලීය නායකයින්ගේ සමුළුව පිළිබඳව ප්‍රතිසංස්කරණ සහ වසර 2015ට පසු සංවර්ධන න්‍යායපත්‍රයට අදාළ කරුණු සාකච්ඡා කිරීම සඳහා මේ සතියේ පැවැත්වීමට නියමිත රැස්වීම් පිළිබඳ ව සහ, දැනට සිදුකෙරෙන පොදුරාජ්‍ය මණ්ඩලීය කටයුතු පිළිබඳ ව මහ ලේකම් ශර්මා මැතිතුමා සහ ජනාධිපතිතුමා සාකාච්ඡා කළහ.  

     

    විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, පාරිසරික සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ෂෙනුකා සෙනෙවිරත්න, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන, එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ප්‍රසාද් කාරියවසම්, එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ක්‍රිස් නෝනිස් සහ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්ම මහත්මීහු මෙම ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා සහභාගී වී සිටියහ.

     

    HC/IMU

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya