මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමා හිටපු ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ක්ලින්ටන් සමග ක්ලින්ටන් ගෝලීය මුල් පිරීමේ වාර්ෂික රැස්වීමේ දී

    සැප්තැම්බර් 24, 2014

    නිව් යෝර්ක්: දැඩි තර්ජනයකට ලක් වී ඇති අප්‍රිකානු අලින් ඇතුළුව, අලි සංරක්ෂණය සඳහා ක්‍රියාත්මක අලි ඇතුන් සඳහා වන ක්‍රියාකාරී ජාලයට ශ්‍රී ලංකාවේ සහයෝගය දැක්වීම පිණිස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, ක්ලින්ටන් ගෝලීය මුල් පිරීමේ 2014 වාර්ෂික රැස්වීමේ දී එක්සත් ජනපදයේ හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් හා එක් ව සිටියේය.

     

    මේ අවස්ථාවට ජනාධිපති රාජපක්ෂ මැතිතුමා සමග ලෝක නායකයින් රැසක් වේදිකාව මත එක් වූ අතර, ටැන්සානියානු ජනාධිපති ජකායා කික්වෙතේ (Jakaya Kikwete), ගැබොන් ජනාධිපති අලි බොන්ගෝ ඔන්දිම්බා (Ali Bongo Ondimba) සහ වියට්නාමයේ නියෝජ්‍ය අගමැති ෆාම් බින් මින් (Pham Binh Minh) ද, ඒ අතර විය. මෙම මුල් පිරීමෙහි මූලික අරමුණ වූයේ අප්‍රිකානු අලින් මුහුණ දී ඇති ඛේදවාචකය වෙත ජාත්‍යන්තර අවධානය ලක්කිරීමයි.

     

    ජනාධිපති ඔන්දිම්බා මැතිතුමා මෙම අවස්ථාවේ දී පැවසුවේ මෙවැනි සාමූහික ක්‍රියාමාර්ග මගින් මෙම තේජවන්ත සතුන්ගේ අනාගතය තීරණය වන බැවින් අප්‍රිකානු අලින් බේරා ගැනීම සඳහා ප්‍රත්‍යක්ෂ ක්‍රියා මාර්ගයක් ගැනීමට ලෝකයේ සියලු දෙනා එක්විය යුතු බවයි.

     

    මේ වසර මුල දී ක්ලින්ටන් ලේකම්තුමිය විසින් කරන ලද ආරාධනාවකට අනුව ජනාධිපති රාජපක්ෂ මැතිතුමා මෙම අවස්ථාවට සහභාගී විය.

     

    මෙම සතියේදී ආරම්භවන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 69 වන සැසියට සහභාගීවීම සඳහා ජනාධිපතිතුමා පසුගිය 22 වනදා පස්වරුවේ නිව් යෝර්ක් නුවරට ළඟාවිය.

     

    නිව් යෝර්ක් වේලාවෙන් ඊයේ පෙරවරුවේ ජනාධිපති රාජපක්ෂ මැතිතුමා 2014 එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුව ඇමතූ අතර නේපාල සහ කොලොම්බියා නායකයින් දෙපළ සමග සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කමලේෂ් ෂර්මා මැතිතුමා සමග ද, ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.


    HC/IMU

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya