මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් මියගිය විශ්‍රාමිකයන්ටත් විශ්‍රාම වැටුප් ගෙවා තිබෙනවා

    සැප්තැම්බර් 24, 2014

    ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් මියගිය විශ්‍රාමිකයන්ටත් විශ්‍රාම වැටුප් ගෙවා ඇති බවට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට දැනගැනීමට හැකි වූ නිසා එවැනි මූල්‍ය වංචා පිළිබඳ පුළුල් පරීක්ෂණ මේ වන විට සිදු කරන බවත් එම පරීක්ෂණවලින් පසු වැඩි මුදලක් ඉතුරු කර ගැනීමට හැකියාවක් පවතින බවත් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පවසයි.


    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (24) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීනි අනෝමා ගමගේ මහත්මිය විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.



    විශ්‍රාම වැටුප් ගෙවීමේ පමාවට හේතුව විශ්‍රාම ලබන අයගේ ලිපිගොනු යාවත්කාලීන කිරීමට ඇති පමාවයි. ප්‍රදේශ කිහිපයක, ආයතන කිහිපයක රාජකාරී කර ඇති අයගේ ලිපිගොනු සකස් කිරීමේදී ප්‍රමාදයක් සිදු වේ. මේ තත්ත්වය වළක්වා ගනිමින් ඉතා ඉක්මනින් විශ්‍රාම වැටුප ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.


    මේ වන විට වසරකට විශ්‍රාම ලබන පිරිස 25,000ක් පමණ වේ. 2006 දී අතිගරු ජනාධිපතිතුමා රජයේ සේවකයන්ට මෙන් ම සියලුම විශ්‍රාමිකයන්ගේ වැටුප් වැඩිකරන්න කටයුතු කළා. ජීවන වියදම් දීමනාවට සමගාමී ව විශ්‍රාම වැටුපත් සකස් කරන්න හැම අයවැයකින් ම පියවර ගත් බව පෙන්වා දුන් අමාත්‍යවරයා කිසිදු ඌනතාවකින් තොර ව 2006ට පෙර විශ්‍රාම ගත් අයට නිසි පරිදි විශ්‍රාම වැටුප් ලැබෙන බව ද පැවසීය.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya