මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමා සහ ජනාධිපති ආර්යාව ඇමෙරිකානු ජනාධිපති ඔබාමා මැතිතුමාගේ පිළිගැනීමේ සාදයට සහභාගී වෙයි

    සැප්තැම්බර් 25, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ජනාධිපති ආර්යාව ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනිය, ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා මැතිතුමා හා ජනාධිපති ආර්යා මිෂෙල් ඔබාමා මැතිනිය විසින් අඟහරුවාදා (සැප්: 23) සවස නිව් යෝර්ක් නගරයේදී පවත්වනු ලැබූ පිළිගැනීමේ සාදයට සහභාගී වූහ.

     

    මෙම පිළිගැනීමේ සාදය එක්සත් ජාතීන්ගේ මහා සමුළුව අතරතුර, ඒ සඳහා පැමිණෙන රාජ්‍ය නායකයින් සඳහා වාර්ෂික ව පවත්වනු ලබන්නකි.

     

    ජනාධිපති රාජපක්ෂ මැතිතුමා සඳුදා (සැප්: 22) නිව් යෝර්ක් නගරයට පැමිණියේ මෙම සතියේ පැවැත්වෙන, 2014 එක්සත් ජාතීන්ගේ දේශගුණ සමුළුව, ක්ලින්ටන් ගෝලීය මුල් පිරීමේ වාර්ෂික හමුව සහ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 69 වන සැසි වාරය ඇතුළු තවත් උත්සව කිහිපයකට සහභාගී වීම සඳහාය.

     

    HC/IMU_Pix by: Official White House Photo by Lawrence Jackson

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya