මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “මහාභිමානී” 2014 සඳහා අයදුම්පත් ඔක්: 10 දක්වා - සම්මාන උළෙල දෙසැ: 18

    සැප්තැම්බර් 26, 2014

    “මහාභිමානී” ජාතික ඉදිකිරීම් සම්මාන උළෙල සඳහා අයදුම්පත් ලබන ඔක්තෝබර් 10 වැනිදා දක්වා බාරගනු ලබන අතර එම අයදුම්පත් දිවයිනේ සියලු ම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ලබාගත හැකිවේ. 


    “මහාභිමානී” ප‍්‍රථම අදියර ඉතාමත් සාර්ථක ව 2013 වසරේදී ක‍්‍රියාත්මක කළ අතර මහාභිමානී 2014 මෙවර ක‍්‍රියාත්මක වන්නේ දෙවන වරටයි. 

    “මහාභිමානී - 2014” ජාතික ඉදිකිරීම් සම්මාන උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දෙසැම්බර් 18 දින සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

    ඉදිකිරීමේ කර්මාන්තයේ නියුතු ව්‍යවසායකයින් හා වෘත්තිකයින් සඳහා සම්මාන පිරිනැමීමේ තරග මේ වන විට පිළිගත් විශිෂ්ට වෘත්තිකයින්ගෙන් සැදුම් ලත් මණ්ඩලයක් මගින් ඇගයීම් සිදුකරමින් පවතී. 

    ඒ අනුව ගොඩනැගිලි ව්‍යාපෘති සඳහා විශිෂ්ට ඉදිකිරීම් සම්මාන, සිවිල් ඉංජිනේරු ව්‍යාපෘති සඳහා කුසලතා සම්මාන, නව්‍යකරණ ඉදිකිරීම් තාක්ෂණික ක‍්‍රම සඳහා සම්මාන, ප‍්‍රජා ව්‍යාපෘති තේරීම සඳහා වන ජාතික සම්මාන, විශිෂ්ට හරිත ඉදිකිරීම් සම්මාන, ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ නියුතු විශිෂ්ට වෘත්තිකයින් ඇගයීම් සඳහා වන සම්මාන “මහාභිමානී 2014” සම්මාන උළෙලේදී පිරිනැමීමට සියලු කටයුතු සූදානම් ව පවතී.

    වඩාත් ආකර්ෂණීයම තරග අංශය වන්නේ ඉදිකිරීම් ශිල්පීන් සඳහා වන ජාතික සම්මානයි. ඒ අනුව ඉදිකිරීම් ශිල්පීන් සඳහා අංශ 12ක් යටතේ සම්මාන ප‍්‍රදානය කෙරේ. විශිෂ්ටතම පෙදරේරු ශිල්පී, විශිෂ්ටතම වඩු කාර්මික ශිල්පී, විශිෂ්ටතම පින්තාරු ශිල්පී, විශිෂ්ටතම ජල නළ කාර්මික ශිල්පී, විශිෂ්ටතම ටයිල් ඇතුරුම් ශිල්පී, විශිෂ්ටතම විදුලි කාර්මික ශිල්පී, විශිෂ්ටතම කම්බි නැවුම් ශිල්පී, විශිෂ්ටතම පෑස්සුම් ශිල්පී, විශිෂ්ටතම ඇළුමිනියම් එකලස් ශිල්පී, විශිෂ්ටතම ඉදිකිරීම් යන්ත‍්‍ර මෙහෙයුම් ශිල්පී, විශිෂ්ටතම ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ කාර්මික ශිල්පී සහ විශිෂ්ටතම බහුවිධ නිපුණතා ශිල්පී ආදී වශයෙන් තරඟ පැවැත්වේ. සියලු තරග පළමුව පළාත් මට්ටමින් පැවැත්වෙන අතර එහිදී එක් එක් තරග අංශයෙන් ඒ ඒ පළාතෙන් ප‍්‍රථම ස්ථානය ලබා ගන්නා ශිල්පියා ජාතික තරගයට ඇතළත් කර ගැනේ. ඒ අනුව එක් තරග අංශයක් සඳහා පළාත් 9 නියෝජනය කරමින් තරගකරුවන් 9 දෙනෙකු ජාතික තරගයේදී තරග වදී.  සෑම තරග අංශයකින් ම විශිෂ්ටතම ශිල්පියා මෙහිදී තෝරා ගැනේ.  ඒ අනුව මාහාභිමානී සම්මාන උලෙළේදී එම විශිෂ්ටතම ශිල්පියා ජනාධිපතිතුමන් අතින් මහාභිමානී  2014 සම්මානයෙන් පිදුම් ලබයි.

    මහාභිමානී තරග සඳහා අයදුම් කරන තරගකරුවන්ට ඒ සඳහා අයදුම්පත් දිවයිනේ සියලු ම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ලබාගත හැකිය. තමා විසින් ම පිළියෙල කරන ලද අයදුම්පත් ද තරගකරුවන්ට ඉදිරිපත් කළ හැකිය. අයදුම්පත් භාරගනු ලබන්නේ 2014 ඔක්තෝබර් 10 වන දින දක්වා පමණි. අයදුම්පත් ඉදිකිරීම් අභ්‍යාස හා සංවර්ධන ආයතනය, නො.123, විජේරාම මාවත, සව්සිරිපාය, කොළඹ 07 හෝ ශී‍්‍ර ලංකා ජාතික ඉදිකිරීම් සංගමය, ඉදිකිරීම් මැඳුර, පස්වන මහල, අංක 350 / ඒ, පන්නිපිටිය පාර, පැළවත්ත, බත්තරමුල්ල යන ලිපිනයන්ට යොමු කළ යුතුය.

    තරගවලින් ජයග‍්‍රහණය කරනු ලබන ජයග‍්‍රාහකයන්ට වටිනා මුදල් ත්‍යාග, සම්මාන සහ සහතිකපත‍්‍ර පිරිනැමේ.

    “මහාභිමානී 2014” සම්බන්ධ සියලු තොරතුරු ඉදිකිරීම් අභ්‍යාස හා සංවර්ධන ආයතනය 0112 686 092  හෝ ජාතික ඉදිකිරීම් සංගමය 0114 422 222  යන දුරකතන අංක ඇමතීමෙන් ලබාගත හැකිය‍.


    “මහින්ද චින්තන ඉදිරි දැක්ම” අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය, ඉදිකිරීම් අභ්‍යාස හා සංවර්ධන ආයතනය (ICTAD) සහ ජාතික ඉදිකිරීම් සංගමය (NCASL) එක්ව මේ සම්මාන උළෙල සංවිධානය කරනු ලබයි.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya