මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පසුගිය වසරේ වී මිලදී ගැනීමට‍ වැය කළ මුදල මිලියන 7,587ක්

    සැප්තැම්බර් 25, 2014
    වී මිලදී ගැනීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ යටතේ පසුගිය වසරේ යල හා මහ කන්න දෙකේදී වී මිලදී ගැනීමට රුපියල් මිලියන 7,587ක මුදලක් වැය කර ඇති බව සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
     
    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (25) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
     
    රජය වී මිලදී ගැනීමේදී යොදා තිබෙන ස්ථාවර මිල හේතුවෙන් ඉතිහාසයේ පළමු වතාවට පෞද්ගලික අංශය විසින් ඉහළ මිලකට වී මිලදී ගන්නා බව ද ඔහු කීය. 
     
    තෙත වී කිලෝවක් රුපියල් 47කට මිලදී ගැනීමට පෞද්ගලික අංශය කටයුතු කර ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා වී ගොවියා ආරක්ෂා කිරීමට රජය විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව ද කීය.
     
    වී විකුණා ගැනීමට නොහැකිව ගොවියා වස බී මියගිය කාලයට තිත තැබුවා. මැතිවරණ පරාජයට පත්වීමෙන් විපක්ෂය වස බොන තත්ත්වයට පත්ව ඇති බව පේනවා.
    මහින්ද චින්තනය මඟින් වී ‍ගොවියා ආරක්ෂා කිරීමට ක්‍රියා කර ඇත. 2005 වන විට තිබූ  මෙට්රික් ටොන් 1,11,000ක වී ගබඩා කරන මධ්‍යස්ථාන 2014 වන විට මෙට්රික් ටොන් 250,000ක් ගබඩා කළ හැකි තත්ත්වය උසස් කර ඇත. එමඟින් සහල් මිල පාලනය කිරීමට හැකි වූ බව කී ඇමැතිවරයා මේ වසරේදී නියඟය නිසා අපේක්ෂිත අස්වැන්නක් නොලැබී යාම නිසා ඉදිරියේදී සහල් ආනයනය කර  සහල් මිල ස්ථාවරයක තබා ගැනීමටත් ලබන පෙබරවාරි, මාර්තු මාසවන විට සහල් මිල ස්ථාවර තත්ත්වයකට ගෙන ඒමටත් කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
     
    පසුගිය වසරේ වී අස්වැන්න අතිරික්තයක් වූ නිසා අපනයනය කර රුපියල් මිලියන 729ක ආදායමක්  ලබාගත්තා. රජය අනුගමනය කළ ප්‍රතිපත්තිය නිසා පසුගිය මාස කිහිපය තුළ සහල් හිඟයක් පැවැතිය ද සහල් මිල ඉහළ යාමක් වූයේ නැහැ. නමුත් ඉදිරියේදී සහල් හිඟයක් ඇතිවුවහොත් මිල ඉහළ යාම වැළැක්වීම පිණිස සහල් ආනයනය කිරීමට පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
     
    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya