මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මන්ත්‍රී වසන්ත සේනානායකගේ පෞද්ගලික පනත් කෙටුම්පත ඉවතට

    සැප්තැම්බර් 25, 2014

    ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා පෞද්ගලික පනත් කෙටුම්පතක් ලෙස ඉදිරිපත් කිරීමට අවසරය ඉල්ලා සිටි 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශො‍්ධනය ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා අද (25) ඉවත් කර ගත්තේය.


    න්‍යායපත්‍රයට ඇතුළත් කර තිබූ මෙම සංශෝධනය සහිත පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට මුලසුනේ සිටි නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා දැනුම් දුන් අවස්ථාවේදී තමන් මෙම පනත් කෙටුම්පත ඉවත් කර ගන්නා බව වසන්ත සේනානායක මහතා සභාවට දන්වා සිටියේය.

     

    මෙම සංශෝධනයෙන් දැනට ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වන ව්‍යවස්ථාව 45 වන ව්‍යවස්ථාව සහ 26 වැනි ව්‍යවස්ථාව ඉවත් කර අලුතින් කොටස් එකතු කිරීමට යෝජනා කර ඇත. ‍එම යෝජනාවලට අනුව ජනරජයේ අමාත්‍ය මණ්ඩලය අමාත්‍යවරුන් 30 දෙනෙකුට සීමා කිරීමටත් නියෝජ්‍ය අමාත්‍යවරුන් 31දෙනෙකුට සීමා කිරීමටත් ජනාධිපතිවරයාට රාජ්‍ය ආරක්ෂ අමාත්‍යාංශ ධූරය හැර වෙනත් අමාත්‍ය ධූර දැරීමට ඉඩ නොලැබෙන පරිදි ප්‍රතිපාදන සම්පාදනය කර ඇත.

     

    ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරයකු වූ සේනානායක මහතා සිය පෞද්ගලික පනත් කෙටුම්පත ඉදිරිපත් නොකරන බව දැනුම්දීමෙන් පසු නැගී සිටි විපක්ෂ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා එම කෙටුම්පතේ අඩංගු කරුණු කියවීමට ගත් උත්සාහයට ඉඩ නොදුන් නියෝජ්‍ය කතානායකවරයා ඉදිරිපත් නොකළ පනත් කෙටුම්පත ගැන කතා කළ නොහැකි බව දන්වා සිටියේය.

     

    පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට උත්සාහ කළ ද ඊට ද මුලසුනෙන් අවස්ථාව නොලැබිණි.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya