මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අප හැමවිටම ගත්තේ නැති බැරි මිනිහගේ පැත්ත

    සැප්තැම්බර් 25, 2014

    අප හැමවිටම ගත්තේ නැති බැරි මිනිහගේ පැත්ත මිස සල්ලිකාරයන්ගේ පැත්ත නොවන බවත් කළු කෝට් දාගත්තු හැමෝම කතා කරන නඩු දින්නේ නැති බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හා ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.


    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (25) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

     

    රාජගිරියේ පිහිටි වෙත්තසිංහ පවුලට හා තවත් අයට අයත් අක්කර 2යි පර්චස් 3ක් විශාල ඉඩම පවරා ගැනීම පිළිබඳ ව ප්‍රශ්න කරන සුජීව සේනසිංහ මහතාගෙන් වෙනත් අයෙකුගේ හඬක් ඇසෙන බව පේනවා. එම ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීම ආරම්භ කළේ අද ඊයේ නොවේ. 2007දී එය කෝට්ටේ, ශ්‍රී ජයවර්ධනපුර පරිපාලන අග නගරයේ පරිපාලන ආයතන ස්ථාපිත කිරීමේ නාගරික සංවර්ධන සැලැස්ම යටතේ සංවර්ධන කරන බවත් ඔහු කීවේය.

     

    ඉඩම් අත්පත් කර ගැනීමේ පනතේ විධිවිධානවලට අනුකූලව පවරා ගෙන ඇති මෙම ඉඩමේ අයිතිය සඳහා හිමිකරුවන් කිහිපදෙනෙකු ඉදිරිපත් වී ඇති නිසා හිමිකම් පරීක්ෂණයක් පවත්වා නියම හිමිකරුවන්ට නියමිත පරිදි වන්දි ලබා‍දීමට පියවර ගන්නා බව ද ඔහු කීය.

     

    ඉදිරිපත්වී ඇති අයිතිකරුවන් අතර පස්වන පටුමගේ කුලරත්න නමැති මහත්මයකු මෙම ඉඩමට හිමිකම් කියන බවත් එහි අපෙත් හොඳ යාළුවෝ සිටින නිසා පස්වැනි පටුමගේ ජීවත් වන්නේ කවුද කියා දන්නා හෙයින් සේනසිංහ මහතාගේ හඬ හිස් මාස්ටර් වොයිස් එකක් බව පැහැදිලි බවත් සේනසිංහ මහතා කතා කරන්නේ වෙනත් අයෙකු වෙනුවෙන් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    දැනට ගැසට් කර ඇති නාගරික සංවර්ධන සැලැස්මට අනුව මෙහි සංවර්ධන කටයුතු සිදුකරන බව කී ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුව සඳහා භූමිය පවරා ගැනීමේදී අයිතිකරුවන්ට පර්චසයකට ගෙවුවේ රුපියල් 210ක් වූවත් එහි ඇතැම් ඉඩම් කොටස්වල අද ජීවත්වන්නේ කවුද කියා ජනතාව හොඳින් දන්නා බවත් පැවසීය.

     

    ‍ඉඩම පවරා ගැනීමේදී පවරා ගන්නා පොදු අවශ්‍යතාව ගැන සඳහන් කළ යුතු වූවත් මෙහි එවැන්නක් සඳහන් කර නොමැති බවට සේනසිංහ මහතා නැගූ චෝදනාවට පිළිතුරු දුන් අමාත්‍යවරයා ප්‍රබල නීතියක් වූ නාගරික සංවර්ධන අධිකාරියේ නීතිය යටතේ මෙහි ඉඩම් පවරා ගෙන ඇති බවත් කීය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya