මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු නැගෙනහිර පළාත්වල කාන්තාවන්ට විවිධ ණය ක්‍රම ක්‍රියාත්මක කර තිබෙනවා

    සැප්තැම්බර් 24, 2014

    උතුරු නැගෙනහිර පළාත්වල කාන්තාවන්ට ව්‍යවසාය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශය මඟින් විවිධ ණය ක්‍රම ක්‍රියාත්මක කර ඇති බවත් ඒ අතර ව්‍යවසායක ණය ක්‍රමය හා ලිය ඉසුරු ණය ක්‍රමය ප්‍රධාන බවත් මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.


    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (23) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

     

    මේ ණය ක්‍රම මඟින් උතුරු නැගෙනහිර කාන්තාවන්ට ණය ලබා ගත හැකියි. 2014දී ලිය ඉසුරු ණය ක්‍රමය යටතේ තිබෙන ව්‍යාපෘති වැඩිදියුණු කිරීමටත්, අලුතින් ව්‍යාපෘති ආරම්භ කිරීමටත් රුපියල් ලක්ෂ 2.5ක ණය ලබා ගත හැකියි. මේ ණය ප්‍රාදේශීය සංවර්ධන බැංකු මඟින් ලබා ගත හැකි බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    උතුරු වසන්තය, නැගෙනහිර නවෝදය, උතුරේ සමාජගත කළ අභ්‍යාසලාභීන් සඳහා ශුද්‍ර මූල්‍ය ණය ක්‍රමය යටතේ ණය ලබා ගත හැකි වේ. පසුගිය වසර 05 තුළ මහජන බැංකුව මඟින් උතුරු නැගෙනහිර කාන්තාවන් 7349ක්, ලංකා බැංකුව 61,163ක්, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව 39,279ක්, ජාතික ඉතිරි කිරීමේ බැංකුව 31,269ක් හා ලංකා පුත්‍ර බැංකුව 1261ක් වශයෙන් කාන්තාවන් 141,321 දෙනෙකුට ණය ලබා දී ඇත. 2012 වසරේ සමාජගත කළ අභ්‍යාසලාභීන් 340 දෙනෙකුට ව්‍යවසායක ණය ක්‍රමය යටතේත් 53 දෙනෙකුට ලිය ඉසුර යටතේත් ස්වයංරැකියා සඳහා ණය ලබා දී ඇතැයි ඔහු සඳහන් කළේය.



    පසුගිය අයවැය මඟින් කාන්තා ව්‍යවසායකයන් සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව හරහා රුපියල් ලක්ෂ 2 බැගින් ඇපකර රහිතව, පොලී නොමැති ව හා අවුරුදු 10ක කාලයක් සඳහා ණය ලබා දීමට පියවර ගෙන ඇත. මේ සඳහා අවශ්‍ය ණය ලබා ගැනීමට නියමිත ව්‍යවසාය කාන්තාවන්ගේ ව්‍යපෘති පරීක්ෂා කරගෙන යන අතර මේ පිළිබඳ බැංකු සමඟ සාකච්ඡා කරමින් පවතින බව ද ඔහු පෙන්වා දුන්නේය.



    මේ ණය ක්‍රමය මුළු ලංකාවේ ම ක්‍රියාත්මකයි. යටිතල පහසුකම් රටකට අවශ්‍ය බැවින් ඒවා දිගට ම කරගෙන යනු ඇත. ඒ කිසිවක් කප්පාදු නොකරනු ඇත. යටිතල පහසුකම් සපයන අතර ප්‍රජාවගේ අවශ්‍යතා සපුරාලීම සඳහා සහන ලබා දෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya