මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෘත්තියමය සහතික නැති ව ජාත්‍යන්තරයේ රැකියාවලට ඇතුළත් වීමේ හැකියාවක් නෑ

    සැප්තැම්බර් 24, 2014

    ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තිකයන්ගේ හැකියාව ඉහළ වුවත් වෘත්තියමය සහතිකයක් නොමැති නිසා ඔවුන්ට ජාත්‍යන්තරයේ රැකියාවලට ඇතුළත් වීමේ හැකියාවක් නොමැති බවත් ඒ නිසා නිපුණතා අමාත්‍යාංශය හා එක් ව වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (23) පාර්ලිමේන්තුවේදී ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමිනි.

     

    මෙම පනත ඉදිරිපත් කිරීමට 1996 සිට උත්සාහ කළා. නමුත් එය සාර්ථක වුණේ නැහැ. මෙම පනත කාලෝචික අවශ්‍යතාවක්. ඉදිකිරීම් ක්ෂේත්‍රය සියයට 15කින් වර්ධනය වී තිබෙනවා. දළ දේශීය නිෂ්පාදිතයට 9%කින් දායක වෙනවා. මේ ප්‍රතිශතය ඉදිරියේදී තවත් වැඩිවෙනවා. ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ වගකීම උපදේශක සභාවට පැවරෙනවා යැයි ද ඔහු සඳහන් කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya