මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමිතීන් සහ නියාමනය ඉදිකිරීම් කර්මාන්ත පනත ඔස්සේ සිදු වෙනවා

    සැප්තැම්බර් 24, 2014

    ඉදිකිරීම් කර්මාන්ත පනත ඔස්සේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමිතීන් සහ නියාමනය ඇති වෙන බවත් එජාපය නියාමනයට බයෙන් කටයුතු කරන බවත් ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (23) පාර්ලිමේන්තුවේදී ඉදිකිරීම් කර්මාන්ත පනත් කෙටුම්පත විවාදයට ගත් අවස්ථාවේදීය.

     

    කර්මාන්තය නියාමනය කිරීම මෙහි අරමුණයි. නියාමනය කියන විට එජාපය බයයි. විවෘත ආර්ථිකය අදහන දක්ෂිණාංශික පක්ෂවලට රජය නියාමනයට සූදානම් වීම දිරවන්නේ නැහැ. භූමියේ අයිතියක් නොමැති අයට නිවසක් ලබා දීමට ගන්නා උත්සාහය හොඳයි. විශාල නිවාසවලින් සෙස් බද්දක් අයකර නැති අයට නිවාස සාදා දීමට පියවර ගන්න ඕනෑ යැයි ඔහු කීය. 


    නිවාස ඉදිකිරීමේදී හිරු එළිය, සුළඟ නිවස ඇතුළට එන විදියට නිර්මාණය කළ යුතුයි. එවිට විදුලි බිල අඩු කර ගත හැකියි. ටෙන්ඩර් කැඳවීමෙන් තොර ව කරන කටයුතුවලදී දෙපාර්ශවය අතර හොඳ අවබෝධයක් ඇති ව වැඩ කළ හැකියි. රජයේ තක්සේරුකරුගේ තක්සේරුවට අනුව දරන වැයට නියමිත පරිදි කාර්යයන් කර ගත යුතු බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya