මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ද්විතීයක පාසල් 1000 වැඩසටහන මේ වසරේ නිම කරනවා

    සැප්තැම්බර් 23, 2014

    ද්විතීයක පාසල් 1000 වැඩසටහන මේ වසරේ දෙසැම්බර් වන විට අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.


    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (23) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකදී අසන ලද අතුරු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

     

    විද්‍යාපීඨ ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවත් මේ සඳහා මුදල් වෙන් කර ඇති බවත් ඔහු කීය. 

     

    ඉදිරියේදී අලුතින් විද්‍යා පීඨ 02ක් ඉදිකිරීමට නියමිතයි. කළමනාකරණය හා ව්‍යවසාය හා ඉතිහාසය පිළිබඳත් තාක්ෂණවේදී විෂය සම්බන්ධයෙනුත් මේ විද්‍යා පීඨ ඉදිකරයි. එක් විද්‍යා පීඨයක් මහරගම ඉදිකරනු ඇත. විද්‍යා පීඨ ඉදිකිරීම සඳහා කොරියානු රජයේ සහය ලබා ගැනේ. South Asia Center ලෙස මීපේ ඉදිකරන ආයතනය මඟින් ඉන්දියාව, පකිස්තානය, නේපාලය, බංග්ලාදේශය ඇතුළු දකුණු ආසියානු රටවල් සඳහා ගුරු පුහුණුව දෙන්න කටයුතු කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya