මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උසස් පෙළ සමතුන් 50,000ක් ගුරු සේවයට බඳවා ගන්නවා

    සැප්තැම්බර් 23, 2014

    ගුරු හිඟය පියවීම සඳහා විෂයානුබද්ධව උසස් පෙළ සමතුන් 50,000ක් බඳවා ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.


    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (23) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

     

    ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව, තොරතුරු තාක්ෂණය හා සෞන්දර්යය විෂයයන් සඳහා පිළිවෙළින් 10,000 බැගින් 50,000ක් මෙසේ බඳවා ගැනීමට කටයුතු කරනු ඇත. උසස් පෙළ සමතුන් ගුරු සහායකයන් වශයෙන් බඳවා ගනී. මේ පිරිසට අවුරුදු 03කට පසු ශිෂ්‍යලාභී ඩිප්ලෝමාවත් තවත් වසරකින් පසු උපාධියත් ලබා දීමට කටයුතු කරනු ඇත. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි මුදල් අමාත්‍යාංශය මේ දිනවල මේ පිළිබඳ සාකච්ඡා සිදු කරමින් පවතින බව ද ඔහු කීය.

     

    පෙර පැවති රජයන් දීර්ඝ කාලයක් තිස්සේ සෞන්දර්ය උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගත්තේ නැහැ. 3306 දෙනෙකු එකවර බඳවා ගත්තේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ බව ද ඔහු පෙන්වා දුන්නේය.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya