අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සිය කටයුතු පිළිබඳ ව ජනාධිපතිතුමා විශේෂ වෙබ් අඩවියක් එළිදක්වයි

    සැප්තැම්බර් 21, 2014

    එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ තමාගේ මෙන් ම ශ්‍රී ලංකාවේ කටයුතු සහ ක්‍රියාකාරකම් කේන්ද්‍ර කරගත් විශේෂ වෙබ් අඩවියක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා එළිදැක්වීය.

     

    එළඹෙන සතියේ නිව් යෝර්ක් නුවර පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 69 වන සැසිවාරයට සහභාගීවීමට පෙර ජනාධිපති රාජපක්ෂ මැතිතුමා මෙම වෙබ් අඩවිය එළි දක්වන ලද බව ජනාධිපති ජාත්‍යන්තර මාධ්‍ය ඒකකය පවසයි.

     

    පහත ලිපිනයෙන් මෙම නව වෙබ් අඩවියට පිවිසිය හැක: http://unga.president.gov.lk/

    unga.president.gov.lk

     

    1955 වසරේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබාගත් ශ්‍රී ලංකාව, එම සංවිධානය සමඟ එක්ව කටයුතු කරමින් සිටියි. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ජනාධිපතිතුමාගේ කාර්යභාරය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත ආයතන සමඟ රජයේ සහයෝගිත්වය පිළිබඳ තොරතුරු සුරක්ෂිතාගාරයක් ලෙස මෙම නව වෙබ් අඩවිය එළිදක්වා ඇත.

     

    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 69 වන සැසිවාරය ආවරණය

     

    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 69 වන සැසිවාරය සඳහා ජනාධිපති රාජපක්ෂ මැතිතුමාගේ සහභාගිත්වය මෙන් ම නිව් යෝර්ක් නුවර පැවැත්වෙන නිල අවස්ථා පිළිබඳ සියලු තොරතුරු භාෂා ත්‍රිත්වයෙන්, නිශ්චිත කාලරාමුවකට අනුව ලබා ගැනීමට කටයුතු සුදානම් කර තිබේ.

     

    විද්‍යුත් තැපැල් ලැයිස්තුව

     

    මාධ්‍ය නිවේදන මෙන් ම තවත් තොරතුරු විද්‍යුත් තෑපෑල මඟින් ලබාගැනීම සඳහා මෙම ලැයිස්තුවට ඇතුළත් වීමට ඔබට අවශ්‍ය නම්, කරුණාකර පහත සඳහන් තොරතුරු සමඟ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන ලිපිනයට විද්‍යුත් තැපැල් (email) පණිවිඩයක් යොමු කරන්න.

     

    මාධ්‍යවේදියාගේ නම:
    මාධ්‍ය ආයතනය:
    විද්‍යුත් තැපෑල (email):

     

    කෙටි පණිවුඩ (SMS) ලැයිස්තුව

     

    මාධ්‍ය වෘත්තිකයින්ට පහත සඳහන් විස්තර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන ලිපිනයට විද්‍යුත් තැපැල් (email) පණිවිඩයක් යොමු කර කෙටි පණිවුඩ (SMS) ලැයිස්තුවක් සඳහා ද එක්විය හැකිය.

     

    මාධ්‍යවේදියාගේ නම:
    මාධ්‍ය ආයතනය:
    ජංගම දූරකතන අංකය:

     

    ජංගම දූරකතනයෙන් කඩිනමින් කෙටි පණිවුඩ මාධ්‍යවේදීන්ට ලබාදීමට කටයුතු කර ඇත්තේ, ජනාධිපතිතුමාගේ නිල කටයුතු පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු වෙබ් අඩවිය හරහා ලබාදෙන තෙක් උපයෝගී කර ගැනීමට බව කරුණාවෙන් සලකන්න. නිව් යෝර්ක් සහ ශ්‍රී ලංකාව අතර ඇති කාලයේ වෙනස හේතුවෙන්, කෙටි පණිවුඩ (SMS) ලැයිස්තුව සඳහා එක් වූ විට සාමාන්‍ය කාර්යාලක වේලාවෙන් පිටත කෙටි පණිවුඩ (SMS) ලැබිය හැකි බව ද  ජනාධිපති ජාත්‍යන්තර මාධ්‍ය ඒකකය වැඩිදුරටත් නිවේදනය කර තිබේ.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya