අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බණ්ඩාරවෙල නව බස් නැවතුම් පොළ සහ වෙළඳ සංකීර්ණය ජනපති සුරතින් ජනතා අයිතියට

    සැප්තැම්බර් 14, 2014

    රුපියල් මිලියන 152ක් වැය කරමින් නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදි කර ඇති බණ්ඩාරවෙල නව බස් නැවතුම් පොළ සහ තෙමහල් වෙළඳ සංකීර්ණය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් ඊයේ (13) පස්වරුවේ ජනතා අයිතියට පවරා දුනි.


    ප්‍රදේශයේ අතිවිශාල ජනකායක් මෙම අවස්ථාවට එක් රැස් ව සිටි අතර ඔවුහු ප්‍රීති ඝෝෂා නඟමින් ජනාධිපතිතුමා වෙත සිය ආචාරය පුද කර සිටියහ‍.


    හපුතලේ ආසනයේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ප්‍රධාන සංවිධායක මෙවර ඌව පළාත් සභාවට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරමින් අංක 29න් තරග කිරීමට නියමිත ව සිටින එස්.පී.ජී. ලයනල් මහතා මෙහිදී වේදිකාවට පිවිස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහය පළ කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය හා එක්වීම ද විශේෂත්වයක් විය.


    ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත, ගුණරත්න වීරකෝන්, ටී.බී. ඒකනායක, නියෝජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහණ පුෂ්පකුමාර, උදිත ලොකුබණ්ඩාර, ලොහාන් රත්වත්තේ, ශාන්ත බණ්ඩාර, අරුන්දික ප්‍රනාන්දු, රංජිත් සොයිසා, ඒ.එච්.එම්. අස්වර්, කමලා රණතුංග යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක් ව සිටියහ.

     

    SDF

    020411

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya