අධ්‍යාපන අමාත්‍යංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ ප්‍රතිනිර්මාණය කළ පරිගණක 40කින් යුත් පරිගණක විද්‍යාගාරයකින් පරිගණක 20කින් යුත් භාෂාගාරයකින්, ගණිතාගාරයකින්, නැණස දුරස්ථ අධ්‍යාපන ඒකකයකින් මෙම මහිනදෝදය තාක්ෂණ විද්‍යාගාරය සමන්විතය.
මහිනදෝදය තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පවරාදීමට ගිය ජනාධිපතිතුමාව එම සිසු දරුවන් විසින් පිළිගත්තේ මහත් හරසරිනි.
සමරු ඵලකය නිරාවරණය කර තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවකද නිරත විය.
අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහණ පුෂ්පකුමාර, උදිත ලොකුබණ්ඩාර, ලොහාන් රත්වත්තේ යන මහත්වරු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
SDF