අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බණ්ඩාරවෙල ධර්මාශෝක මධ්‍ය මහා විද්‍යාලයේ තාක්ෂණ විද්‍යාගාරය ජනපති අතින් සිසු අයිතියට

    සැප්තැම්බර් 14, 2014

    බණ්ඩාරවෙල ධර්මාශෝක මධ්‍ය මහා විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් ඉදි කෙරුණු මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් ඊයේ (13) සිසු අයිතියට පැවරිණි.


    අධ්‍යාපන අමාත්‍යංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ ප්‍රතිනිර්මාණය කළ පරිගණක 40කින් යුත් පරිගණක විද්‍යාගාරයකින් පරිගණක 20කින් යුත් භාෂාගාරයකින්, ගණිතාගාරයකින්, නැණස දුරස්ථ අධ්‍යාපන ඒකකයකින් මෙම මහිනදෝදය තාක්ෂණ විද්‍යාගාරය සමන්විතය.


    මහිනදෝදය තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පවරාදීමට ගිය ජනාධිපතිතුමාබව එම සිසු දරුවන් විසින් පිළිගනු ලැබුවේ මහත් හරසරිනි.


    සමරු ඵලකය නිරාවරණය කර තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවකද නිරත විය.


    අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහණ පුෂ්පකුමාර, උදිත ලොකුබණ්ඩාර, ලොහාන් රත්වත්තේ යන මහත්වරු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    SDF

    05

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya