අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෙරගල- වැල්ලවාය මාර්ග කොටසේ සංවර්ධන කටයුතු ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

    සැප්තැම්බර් 14, 2014

    මහින්ද චින්තන කඩිනම් සංවර්ධන ඩැඩසටහන යථාර්ථයක් බවට පත් කරමින් මහා මාර්ග අමාත්‍යංශය සහ මාර්ග සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් බෙරගල-වැල්ලවාය මාර්ග කොටසේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ (13) පෙරවරුවේ එක් විය.


    කි.මී. 34ක් වූ මාර්ග කොටස පුළුල් කර මංතීරු දෙකක් සහිත ව සංවර්ධනය කෙරේ. කොළඹ, රත්නපුර, බලංගොඩ, බෙරගල, කොස්ලන්ද හරහා වැල්ලවාය, සියඹලාණ්ඩුව, පොතුවිල්, අක්කරපත්තුව, මඩකළපුව දක්වා දිවෙන මෙම මාර්ගය දකුණටත්, කොළඹටත්, කන්ද උඩරටටත් පහසුවෙන් ගමන් කළ හැකි මාර්ගයකි.

     


    ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, අමාත්‍යවරුන් වන නිර්මල කොතලාවල, මහින්දානන්ද අලුත්ගමගේ, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, සබරගමු පළාත් ආණ්ඩුකාර වි.ජ.මු. ලොකුබණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදිත ලොකුබණ්ඩාර, ලොහාන් රත්වත්තේ, කමලා රණතුංග, මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් ආර්.ඩබ්. ප්‍රේමසිරි යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    SDF

    040107

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya