අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හපුතලේ- දඹේතැන්න මාර්ගයේ කොටසේ සංවර්ධන කටයුතු ජනපති ප්‍රධානත්වයෙන්

    සැප්තැම්බර් 14, 2014

    හපුතලේ-දඹේතැන්න මාර්ගයේ කි.මී. 9ක කොටස පුළුල් කර සංවර්ධනය කිරීමේ කටයුතු ඊයේ (13) පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.


    හපුතලේ නගරයටද අතිවිශාල ජනතාවක් රැස් ව ජනාධිපතිතමා පැමිණෙන පෙරමඟ බලා සිටියහ.


    එම ජනතාව අතරටද ගිය ජනාධිපතිතුමා ඔවුනගේ තොරතුරු විමසමින් සුහද කථා බහක නිරත විය.


    තම ප්‍රදේශයේ කිසිදා නොලැබුණු මෙම පහසුකම් ලබාදීම පිළිබඳ ඔවුන් මෙහිදී ජනාධිපතිතුමා වෙත තම ආචාරය පුද කර සිටියහ.

     

    ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, අමාත්‍යවරුන් වන නිර්මල කොතලාවල, මහින්දානන්ද අලුත්ගමගේ, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, සබරගමු පළාත් ආණ්ඩුකාර වි.ජ.මු. ලොකුබණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදිත ලොකුබණ්ඩාර, ලොහාන් රත්වත්තේ, කමලා රණතුංග, මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් ආර්.ඩබ්. ප්‍රේමසිරි යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    SDF
    0203

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya