අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෙරගල-වැල්ලවාය මාර්ගයේ ලේමස්තොට පාලම ජනපති සුරතින් ජනතා අයිතියට‍

    සැප්තැම්බර් 14, 2014

    මහින්ද චින්තන කඩිනම් සංවර්ධන වැඩසටහන යථාර්ථයක් බවට පත් කරමින් මහා මාර්ග අමාත්‍යංශය සහ මාර්ග සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් සංවර්ධනය කෙරෙන බෙරගල-වැල්ලවාය මාර්ගයේ ඇති ලේමස්තොට නව පාලම ඊයේ (13) ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පැවරුණි.


    පාලම ජනතා අයිතියට පැවරූ ජනාධිපතිතුමා හල්දුම්මුල්ල මංසන්ධියේ දී පළාතේ ජනතාව හමු විය.

     

    එහි රැස් ව සිටි තුන්දහසකට අධික ජනතාව ප්‍රීති ඝෝෂා නඟමින් ජනාධිපතිතුමා වෙත සිය ආචාරය පුද කර සිටියහ.


    ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, අමාත්‍යවරුන් වන නිර්මල කොතලාවල, මහින්දානන්ද අලුත්ගමගේ, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, සබරගමු පළාත් ආණ්ඩුකාර වි.ජ.මු. ලොකුබණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදිත ලොකුබණ්ඩාර, ලොහාන් රත්වත්තේ, කමලා රණතුංග, මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් ආර්.ඩබ්. ප්‍රේමසිරි යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    SDF

    0103

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya