අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ජයසුන්දරාරාම විහාරස්ථානයේ අභිනව තෙමහල් ධර්ම ශාලාව ජනපති අතින් විවෘත කෙරේ

    සැප්තැම්බර් 14, 2014

    වැලිමඩ, නැදුන්ගමුව ශ්‍රී ජයසුන්දරාරාම විහාරස්ථානයේ ඉදිකළ තෙමහල් ධර්ම ශාලාව විවෘත කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (14) පෙරවරුවේ පැවැත්විණි.


    සමරු ඵලකය නිරාවරණය කර ධර්ම ශාලාව විවෘත කළ ජනාධිපතිතුමා විහාරධිපති ශාස්ත්‍රපති පූජ්‍ය ඇත්තලගෙදර නන්ද හිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසා පිරිකර පූජා කළේය.

     

    ප්‍රදේශයේ අති විශාල ජනතාවක් ද මේ අවස්ථාවට රැස් ව සිටි අතර ජනාධිපතිතුමා ඔවුන්ගේ ද සුවදුක් විමසීය.


    අමාත්‍යවරුන් වන ජයරත්න හේරත්, කුමාර වෙල්ගම, මහාචාර්ය ජී.එල්. පීරිස්, නවීන් දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරු ඇතුළු පිරිසක් මීට එක් ව සිටියහ.

     

    NDH/pmu_pix by Nishanka de Silva

     

    02

     

    03

     

    04

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya