අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කැප්පෙටිපොළ මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය ජනපති අතින් සිසු අයිතියට

    සැප්තැම්බර් 14, 2014
    වැලිමඩ, කැප්පෙටිපොළ මහා විද්‍යාලයේ ඉදිකෙරුණු මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් අද (14) පෙරවරුවේ සිසු අයිතියට පත් කෙරිණි.


    අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ ප්‍රතිනිර්මාණය කළ මෙම එක් මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරයක පරිගණක 40කින් සමන්විත පරිගනකාගාරයක්, පරිගනක 20කින් සමන්විත භාෂාගාරයක්, දුරස්ථ අධ්‍යාපනය සඳහා නැණස ඒකකයක්, ගණිතාගාරයක්, විද්‍යාගාරයක් යන අංගයන්ගෙන් සමන්විතය. 

     

    මේ අවස්ථාවට එක් වූ ජනාධිපතිතුමා ව එම සිසු දරුවන් විසින් මහත් හරසරින් පිළිගන්නා ලදී.

     

    සමරු ඵලකය නිරාවරණය කර තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

     

    අමාත්‍ය සී.බී. රත්නායක, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මොහාන් ලාල් ග්‍රේරු, ලසන්ත අලගියවන්න යන මහත්වරු ඇතුළු පිරිසක් මීට එක් ව සිටියහ.

     

    NDH/pmu_pix by Nishanka de Siva

    03 1

     

     

    04 1

     

    05

     

    06

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya