අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද නාගරික සංවර්ධනය පෙන්නුම් කරන්නේ රටේ ආශ්චර්ය යයි

    සැප්තැම්බර් 10, 2014

    “රජය විසින් නුගේගොඩ නිදහස් උයන "වැලි පාක්" දියුණු කළා, ඇසිපිය හෙළන මොහොතින් දියවන්නාව ඔයේ සිරියාව නංවා එහි අභිවෘද්ධියට කටයුතු කළා, විහාර මහා දේවී උද්‍යානය ආසියාවේ ඉස්තරම්ම උද්‍යානය බවට පත් කළා, Independent Arcade, පාවෙන වෙළඳ සැල, Racecourse Shopping Complex, මාළු වෙළඳ සැල Gold Market බවට පත් කළා. මෙයයි රටේ ආශ්චර්යය“ යැයි අද (10) පාර්ලිමේන්තුවේදී නගර සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධව කතා කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පත්කළ මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර් මහතා පැවසීය.


    “මෙම වැව රවුමේ එදා මිනී දැල්වෙමින් තිබිණි, දෙපැත්තේ කුණු. ඒත් අද මම ප්‍රීතියෙන් ප්‍රකාශ කරනවා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මේ සා විශාල සංවර්ධන ව්‍යාපාරයක් අපට ලබා දී තිබෙනවා. ඒ අපගේ ඉල්ලීමක් නිසා නො ව එතුමාගේ ම සංකල්පයක් මත. මෙය නිම කර ඇත්තේ ඉතිහාසය පුරා රන් අකුරින් ලියැවෙන ආකාරයටයි “ ඊයේ (09) බොරලැස්ගමුවේ පැවති උත්සවයකදී බෙල්ලන්විල රජ මහා විහාරාධිකාරී මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන් එසේ ප්‍රකාශ කළ බව අස්වර් මහතා මෙහිදී උපුටා දක්වන ලදී.


    බෙල්ලන්විල නගරයේ සංවර්ධනය දෙස බලන විට අද එය සිනහ නගන නගරයක් බවට පත්ව ඇතැයි අස්වර් මහතා ප්‍රකාශ කෙරීය.

     

    ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයේ දියුණුව පිළිබඳ ජපන් අගමැති කතා කළ බවත් ඉදිරියේදී ලංකා සංචාරයක නිරත වන චීන ජනාධිපතිවරයාද කතා කරනු ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

     

    ශ්‍රී ලංකාවේ සංවර්ධනය පෙන්වන ලංකාවට පැමිණි නැව් සංඛ්‍යාව, ශ්‍රී ලංකන් එයා ලයින් සමාගමේ දියුණුව, යටිතල පහසුකම් සඳහා රාජ්‍ය ආයෝජන හා විදුලි සංදේශ ක්‍රියාකාරීත්වය පිළිබඳ සියලු සංඛ්‍යා ලේඛන සටහන් මහජනතාවට දැනුවත් වීම පිණිස අද දින සභා ගත කරන බව ද අස්වර් මහතා පැවසීය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya