අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති මොරාණ ජලාශ ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක

    සැප්තැම්බර් 10, 2014

    දකුණු ඉවුරේ ප්‍රධාන ඇළේ ඉදිකිරීම් ද ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ                      


    ඌව පළාතේ ජනතාව මුහුණ දෙන ජල ගැටලුවට විසඳුම් සෙවීමට දැවැන්ත ජල සම්පාදන ව්‍යාපෘති රැසක් ඌව පළාත තුළ ක්‍රියාවට නංවා ඇති අතර ඒ යටතේ උග‍්‍ර ජල හිඟයෙන් පීඩා විඳින නාගදීප ව්‍යාපාරයේ ජල හිඟය මග හැරීම සඳහා ඌව පළාතේ බදුල්ල දිස්ත‍්‍රික්කයේ, රිදී මාලියද්ද ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඝන මීටර් මිලියන 16කින් යුක්ත වූ මොරාණ ජලාශ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු අද (10) පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.

    කි.මී. 6ක දිගින් යුතු ජලාශයේ දකුණු ඉවුරේ ප්‍රධාන ඇළ් ඉදිකිරීම් ද අද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි. අනතුරු ව ජලාශ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු පිළිබඳ ව ඉංජිනේරුවන්ගෙන් ද ජනාධිපතිතුමා තොරතුරු විමසීය.

     

    මේ අවස්ථාවට ප්‍රදේශයේ අතිවිශාල ජනතාවක් ද මෙම අවස්ථාවට එක් ව සිටි අතර ජනාධිපතිතුමා ඔවුන් සමඟ ද අදහස් හුවමාරු කරගත්තේය.

     

    අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් 2014 ජනවාරි 23 වැනි දින ඉදිරිපත් කරන ලද යෝජනාවකට කැබිනට් මණ්ඩල ලබාදුන් අනුමැතිය අනුව මෙම නව වාරි මාර්ග ව්‍යාපෘතිය ආරම්භ විණි.

     

    මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වීමෙන් නාගදීප ව්‍යාපාරයේ පවතින කුඹුරු අක්කර 1000ක් සහ නව කුඹුරු අක්කර 500කට යල මහ දෙකන්නයේ ජලය සැපයීමට හැකියාව ඇත. මෙමගින් ගෘහස්ථ ජල අවශ්‍යතාව ද සපුරා ගත හැකිවේ.

     

    මෙම ජලාශය සඳහා හෙක්ටයාර 250ක පමණ ඉඩම් ප‍්‍රමාණයක් අත් කර ගත යුතුව ඇති අතර ජලාශයට ඉඩම් යටවීමෙන් අවතැන් වන පවුල් 109ක් ඉඩම් කච්චේරි පවත්වා ව්‍යාපෘතියෙන් සංවර්ධනය වන ලිහිණියාය සහ අල්දෙණිය නව ගම්මානවල නැවත පදිංචි කිරීමට කටයුතු යොදා ඇත.

     

    ඉඩම් අත් කර ගැනීම හේතුවෙන් බලපෑමට ලක්වන පුද්ගලයින්ගේ දේපළ සඳහා වන්දි ගෙවීමට සහ සිය කැමැත්තෙන් තොරව අවතැන්වන්නන් නැවත පදිංචි කිරීමේ ජාතික ප‍්‍රතිපත්තියට අනුකූලව නැවත පදිංචි කිරීමට අදාළ සහන දීම සඳහා ද කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.

     

    අද ජනාධිපතිතුමා සමඟ මෙම අවස්ථාවට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, සබරගමු පළාත් මහඇමති මහීපාල හේරත්, බස්නාහිර පළාත් මහ ඇමති ප්‍රසන්න රණතුංග, මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිලුම් අමුණුගම, රුවන් රණතුංග, මහත්වරුන් ද වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් භද්‍රා කමලදාස මහත්මිය, ව්‍යාපෘති අධ්‍යක්ෂ පී. ජයතිලක, නේවාසික ඉංජිනේරු චන්දන විදානගමගේ මහත්වරු ඇතුළු පිරිසක් එක් ව සිටියහ.

     

    HC/pmu_Pix by-Chandana Perera

     

    morana water resource project 1

     

    morana water resource project 2

     

    morana water resource project 3

     

    morana water resource project 4

     

    morana water resource project 6

     

    morana water resource project 5

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya