අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි අද පාර්ලිමේන්තුවට

    සැප්තැම්බර් 09, 2014

    තාක්ෂණික අවධානය අනුව පරිගනක නව සැකැස්මකින්, නව සංකල්ප සහ නව ක්‍රමවේද යටතේ ආනයන අපනයන බලපත්‍ර නිකුත් කිරීම ඉතා වැදගත් බව අන්තර්ජාතික මූල්‍ය සහයෝගිතාව පිළිබඳ ජ්‍යේෂ්ඨ අමාත්‍ය හා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.


    අමාත්‍යවරයා අද (09) පාර්ලිමේන්තුවේදී මේ බව පැවසුවේ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි සම්මත කර ගැනීම සඳහා ඉදිරිපත් කරමිනි.

    පසුගිය කාලය තුළ අපගේ ආර්ථිකයට නව ප්‍රවණතාවන් කිහිපයක් සිදුවුණා. ඉන් එකක් නම් ජපන් අගමැතිතුමාගේ ශ්‍රී ලංකා සංචාරයයි. එතුමා මෙරටට පැමිණීම සහ ද්වීපාර්ශ්වීය ගිවිසුම් කිහිපයක් ඇති වීම ඉතා වැදගත් වේ. එතුමා සමඟ ජපානයේ අයෝජකයන්, ව්‍යාපාරිකයන් විශාල පිරිසක් මෙරටට පැමිණියා. එමෙන්ම තව දින කිහිපයකින් චීන ජනාධිපතිවරයා මෙරටට පැමිණෙනවා. එවගේම වරින් වර විවිධ විදෙස් නියෝජතයන් අප රටට එනවා. ඒ ඔස්සේ අප රටට විවිධ ආයෝජන හිමි වෙනවා යැයි ඔහු පෙන්වා දුන්නේය.

     

    චීනයෙන් අපගේ රටට භාණ්ඩ විශාල ප්‍රමාණයක් ආනයනය කරනවා. නමුත් අපි චීනයට අපනයනය කරන භාණ්ඩ අඩුයි. ඒ නිසා අපගේ වෙළෙඳපොළ පුළුල් කළ යුතුයි. රටේ වෙළෙඳ ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක් ඇති වී තිබෙනවා. ශ්‍රී ලංකාව සහ චීනය අතර වෙළෙඳ ගිවිසුම් අත්සන් කිරීමට නියමිතයි. එම වෙළෙඳ ගිවිසුම් ද අපගේ වෙළෙඳ ක්ෂේත්‍රෙය් නව වෙනසකට හේතු වෙනවා. රටක් ලෙස චීනය සමඟ ශ්‍රී ලංකාව අත්සන් කිරීමට නියමිත වෙළෙඳ ගිවිසුම් ඔස්සේ අපගේ ඇඟලුම් 
    ක්ෂේත්‍රයටත් හොඳ අවස්ථාවක් උදා වේවි.  

     

    ලෝකයේ විවිධ රටවල් සමඟ අපි නිදහස් වෙළෙඳ ගිවිසුම් අත්සන් කර තිබෙනවා. ඉන්දියාව, පකිස්තානය, ජපානය, චීනය වැනි රටවල් සමඟත් නිදහස් වෙළෙඳ ගිවිසුම් අත්සන් කර තිබෙනවා.ඉන්දියාව සමඟ අත්සන් කර ඇති නිදහස් වෙළෙඳ ගිවිසුම නිසා භාණ්ඩ 4200ක් බදු රහිතව ඉන්දියාවට යවනවා. පකිස්තානය සමග අත්සන් කර ඇති වෙළෙඳ ගිවිසුම නිසා භාණ්ඩ 4500ක් බදු රහිතව පකිස්තානයට යවනවා. ඒ වගේම චීනය ජපානය වැනි රටවල් සමඟත් මනා සබඳතාවක් පවත්වාගෙන යනවා. චීන ජනාධිපතිවරයාගේ මෙරට සංචාරය රටක් ලෙස අපට හිමි වෙන සුවිශේෂී අවස්ථාවක්. චීනය හා ශ්‍රී ලංකාව අතර පවතින වෙළෙඳ සබඳතාවටත් මෙය මනා පිටිවහලක් වෙනවා යැයි ඔහු පැවසීය.

     

    ඉන්දියාව සමඟ ඇඟලුම් කර්මාන්තශාලා ඇති කරන ලෙස අපගේ කර්මාන්තකරුවන්ට ආරාධනා ලැබී තිබෙනවා. එය හොඳ ප්‍රවණාතාවක්. ඇමරිකානු ගැති ආර්ථික ප්‍රතිපත්තියෙන් අප මිදිය යුතුයි. ලෝකයේ නව රටවල් නව මානයන් නව ඉසව්වන් කරා අප යා යුතුයි. චීනය සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට නියමිත වෙළෙඳ ගිවිසුම මඟින් මෙරට ආර්ථිකයට නව අවස්ථා රැසක් හිමි වෙනවා. 



    ජපාන අගමැතිවරයා මෙරටට ඇවිත් මොනවාද කිව්වේ? "ජපානය සහ ශ්‍රී ලංකාව සතුව හොඳ නාවුක තීරයක් තිබෙනවා. ඉන් අප ප්‍රයෝජන ගත යුතු බවයි. අනාගතයේදී ආර්ථික අවස්ථා බිහිවන්නේ මුහුදෙන්. ශ්‍රී ලාංකිකයන් කියන පරිද්දෙන් ජපනා හපනා. එවැනි හපනුන් 15 දෙනෙකු මා සමඟ පැමිණියා. ඔවුන්ගෙන් ප්‍රයෝජන ගන්නා ලෙස මා ඉල්ලා සිටිනවා" යැයි ජපන් අගමැතිවරයා සඳහන් කළා. 

     

    ශ්‍රී ලංකාවේ භෞමික පිහිටීම අපේ ආර්ථික වර්ධනයේ ප්‍රගමනයට යොදා ගත යුතුයි. බටහිරින් තෙල් නිපදවන රටවල් සහ නැගෙනහිරින් වැඩි වශයෙන් තෙල් පරිහරණය කරන රටවල් අතර මධ්‍යස්ථව ශ්‍රී ලංකාව පිහිටා තිබෙනවා. එහි වාසිය අපි ගත යුතුයි. 2020 වන විට ඉහළ ගණයේ මධ්‍යම පාන්තික රටක් බවට ශ්‍රී ලංකාව පරිවර්තනය කිරිම අපගේ ඉලක්කයයි. එහිදී මානව සම්පත් සංවර්ධනය කරමින් ඉදිරියට යාම අපගේ ඉලක්කය යැයි ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya