අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණයක් කල් දැමීමට රජයට අයිතියක් නෑ - එහි අයිතිය මැතිවරණ කොමසාරිස්ටයි

    සැප්තැම්බර් 09, 2014

    ඌවේ පළාත් සභා ඡන්ද විමසීම දින දෙකකදී පැවැත්වීමට සූදානම් වන බවට විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා අද (09) පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය රජය තරයේ ප්‍රතික්ෂේප කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.


    රජය වෙනුවෙන් විපක්ෂනායකවරයාගේ ප්‍රකාශයට පිළිතුරු දෙමින් මැතිවරණයක් කල් දැමීමට රජයට අයිතියක් නොමැති බවත් මැතිවරණ කොමසාරිස් එයට වගකිව යුතු බැවින් එහි අයිතිය ඇත්තේ මැතිවරණ කොමසාරිස්ට බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

     

    ඌව මැතිවරණය දින දෙකක් තුළ පැවැත්වීම ගැන හෝ කල් දැමීම ගැන විපක්ෂනායකවරයා කතා කළ යුත්තේ මැතිවරණ කොමසාරිස්වරයා සමඟයි. කලබල නොවිය යුතු බවත් වැඩි ආරක්ෂාවක් අවශ්‍ය නැති අතර ඌවේ ජනතාව නියමිත දිනයේදී ඡන්දය භාවිත කරන අතර එවිට අපේක්ෂා කරන පරාජය විපක්ෂයට ලැබෙන බවත් ඔහු කීය.

     

    රජය මේ මැතිවරණය තියන්නේ මහජන මතය විපක්ෂයට කියා දීමට බව පැවසූ දිනේෂ් ගුණවර්ධන මහතා පරාජය අනිවාර්ය නිසා දැන් සිට ම පරාජයට සූදානම් වීම සුදුසු බව පෙන්වා දුන්නේ ය.

     

    පළාත් පාලන ආයතන පනත් කෙටුම්පත් ලබන මාසයේදී විවාදයට ගන්නා බව කී ගුණවර්ධන මහතා ඊට පෙර මේ පිළිබඳ පූර්ණ සාකච්ඡාවක් ලබා දීමට පියවර ගන්නා බවද කීය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya