අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව දූත මණ්ඩල ප‍්‍රධානීහූ ජනපතිට අක්තපත‍්‍ර පිළිගන්වති

    සැප්තැම්බර් 09, 2014

    ශ‍්‍රී ලංකාවට අලුතින් පත් ව සිටින තානාපතිවරු සය දෙනෙක් අද (09) උදේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා වෙත සිය අක්තපත‍්‍ර පිළිගැන්වූහ. 


    ඔවුහු එස්ටෝනියා ජනරජයේ තානාපති විල්ජා ලූබි (Vilijar Lubi) මහතා, කොළොම්බියා ජනරජයේ තානාපතිනී මොනිකා ලන්සෙට්ටා මුටිස් (Monica Lanzetta Mutis) මහත්මිය, ඊශ‍්‍රායල් තානාපති ඩැනියෙල් කාර්මන් (Daniel Carmon)  මහතා, බල්ගේරියා ජනරජයේ තානාපතිනී පෙට්කෝ කොලෙව් දොකොව් (Petko Kolev Doykov) මහත්මිය වියට්නාම් සමාජවාදී ජනරජයේ තානාපතිනී ෆාන් කියු තා (Phan Kieu Tha) මහත්මිය සහ ලා ඕස් ජනතා ප‍්‍රජාතාන්ත‍්‍රික ජනරජයේ තානාපති සවුතම් සකොනින්හොම් (Southam Sakonhninhom) මහතා වෙති.
       
    වියට්නාම් සමාජවාදී ජනරජයේ තානාපතිනී ෆාන් කියු තා මහත්මිය හැර අලුතින් ශ‍්‍රී ලංකාවට පත් ව සිටින සියලු තානාපතිවරුන් ඉන්දියාවේ නව දිල්ලි නුවර නේවාසිකව සිය කාර්යයෙහි නිරත වෙති.

    විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරු සහ විදේශ අමාත්‍යාංශයේ ලේකම් ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය මේ අවස්ථාවට සහභාගී වූහ.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya