එහිදී මහා සංඝරත්නය වෙනුවෙන් දානය පිළිගැන්වීමද ජනාධිපතිතුමන් අතින් සිදු කෙරිණ.
මෙහිදී සෑම් විජේසිංහ මහතාගේ ඥාතීන් සමඟ ද ජනාධිපතිතුමන් සුහද කතාබහක නිරත වූ අතර, මෙම අවස්ථාව සඳහා විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතාද එක් ව සිටියේය.
ECB/PMU
පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම්වරයෙකු වූ සෑම් විජේසිංහ මහතාගේ අභාවයෙන් සත් දින දානමය පුණ්යකර්මය අද (08) දහවල් ඒ මහතාගේ ගල්කිස්ස නිවසේදී පැවැත්වුණ අතර, එම දානමය පුණ්යකර්මය සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාද එක් විය.