මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපන් ශී‍්‍ර ලංකා සමුද්‍රීය ජාතීන් දෙකක් අතර නව සබඳතා ඉහළට

    සැප්තැම්බර් 07, 2014

    දෙරටේ නායකයෝ ඒකාබද්ධ ප‍්‍රකාශයෙන් එකඟවෙති


    ඉන්දියන් සාගරයේ සමුද්‍රීය ජාතියක් ලෙස ශී‍්‍ර ලංකාව සතු දැවැන්ත ශක්‍යතාව පිළිගනිමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ජපාන අගමැති ෂින්සෝ අබේ මැතිතුමා දෙරට අතර පවත්නා දිගුකාලීන සබඳතාව සමුද්‍රීය ජාතීන් දෙකක් අතර නව සබඳතාවක් දක්වා වර්ධනය කර ගැනීමට සහ ශාන්තිකර සහ ඉන්දියන් සාගර කලාපයේ ස්ථාවරත්වය වෙනුවෙන් කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කිරීමට එකඟතාව පළ කරයි.


    ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව රාජ්‍ය නායකයින් දෙපළ විසින් නිකුත් කළ ඒකාබද්ධ ප‍්‍රකාශනයෙන් ආසියාව හා අපි‍්‍රකාව අතර ඉන්දියන් සාගරයේ පිහිටි ශී‍්‍ර ලංකාවේ මූලෝපායික පිහිටීමේ වැදගත්කම ගැන විශේෂ ස්ථානයක් ලබා දුන්හ.


    කලාපයේ මුහුදු මාර්ගයන් හි ආරක්ෂාව සහතික කිරීමේ වැදගත් කම අවධාරණය කරමින් සමුද්‍රීය ගැටලු පිළිබඳ අන්‍යොන්‍ය කරුණුවලට අදාළ ව ඵලදායී කි‍්‍රයාදාමයක් වන සමුද්‍රිය ආරක්ෂාව පිළිබඳ ශී‍්‍ර ලංකා ජපන් කතිකාව පිහිටුවීමේ වැදගත්කම ගැන අවධාරණය කරයි.


    වරාය සංවර්ධනය හා සමුද්‍රීය අධ්‍යයන ක්ෂේත‍්‍රයන් හි වැඩිදුර සහයෝගිතාව පිළිබඳව ජනාධිපතිතුමා තම බලාපොරොත්තුව පළ කළේය.


    ජපාන සමුද්‍රිය ස්වයං ආරක්ෂ බලකා නෞකා දෙක සඳහා කොළඹ වරාය තුළ පහසුකම් සැලසීම පිළිබඳ අබේ මහතා ශී‍්‍ර ලංකා රජයට ස්තුතිය පළ කළේය. දෙරටේ නාවික හමුදාවන් අතර සහයෝගිතාවයේ වර්තමාන ප‍්‍රගතිය පිළිබඳව සතුට පළ කළේය.

     

    HC/pmu_Pix by: Sudath Silva

    Sri Lanka and Japan Sign Agreements for Cooperation

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya