මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපන් අග්‍රාමාත්‍යතුමා ඇතුළු දූත පිරිස ජනාධිපති ලේකම් කාර්යාලයට සම්ප්‍රාප්ත වෙති

    සැප්තැම්බර් 07, 2014

    ජපන් අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මැතිතුමා සහ ආර්යා අකි අබෙ මැතිණිය ඇතුළු ජපන් ව්‍යාපාරික හා දූත පිරිස අද (07) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයට සම්ප්‍රාප්ත වූහ.

     

    ගාලු මුවදොර මාර්ගයේදී විවිධ සාම්ප්‍රදායික නර්තන හා සංස්කෘතික අංග මධ්‍යයේ අබෙ මැතිතුමා සහ පිරිස පැමිණි රථ පෙළ ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියහ.

     

    ජපන් අග්‍රාමාත්‍ය ෂින්සෝ අබෙ මැතිතුමා සහ ආර්යා ඇතුළු පිරිස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිණිය ඇතුළු මැතිඇමතිවරු විසින් ජනාධිපති ලේකම් කාර්යාලයට මහත් හරසරින් පිළිගන්නා ලදී.

     

    ජපන් ජාතික ගීය හා ශ්‍රී ලංකා ජාතික ගීය වාදනය කිරීමෙන් අනතුරුව ජපන් අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් ආචාර වෙඩිමුර පිරිනැමීම හා ත්‍රිවිධ හමුදා උත්තමාචාර දැක්වීම සිදු කරන ලදී.


    එහිදී අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා මහතා, විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා, බස්නාහිර ආණ්ඩුකාර අලෙවි මවුලානා මහතා, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, විදුලිබල හා බලශක්ති අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා, විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් ක්ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති නොබුහිතෝ හොබො මහතා ඇතුළු මැති ඇමතිවරු විසින් ජපන් අග්‍රාමාත්‍යවරයා පිළිගනු ලැබූහ.

     

    SDF

    Japan PM17

    05030407080910

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya