මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමා ජපන් රාජ්‍ය නියෝජිත අකාෂි මහතා හමු වේ

    සැප්තැම්බර් 06, 2014

    ශ්‍රී ලංකාවේ සාමය ගොඩනැගීම, පුනරුත්ථාපන හා ප්‍රතිසංස්කරණ ජපන් රාජ්‍ය නියෝජිත යෂුසි අකාෂි මහතා අද (06) අරලිය ගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවී හෙට (07) දිවයිනට පැමිණීමට නියමිත ජපන් අග්‍රාමාත්‍ය අබේ ෂින්ෂෝ මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය පිළිබඳ සාකච්ඡා කළේය.

     

    මෙම හමුවේදී ජපන් අග්‍රාමාත්‍යවරයාගේ පැමිණීම ශ්‍රී ලංකාවට ඉතා සුවිශේෂී වූත් වැදගත් අවස්ථාවක් බව ප්‍රකාශ කළේය.

     

    මෙම නිල සංචාරය ලංකාවට මෙන් ම ජපානයටත් වැදගත් අවස්ථාවක් බවත් ශ්‍රී ලංකාවේ සහයෝගය හා හොඳ අවබෝධය පිළිබඳ ජපානය කෘතඥතාව පළ කරන බවත් අකාෂි මහතා ප්‍රකාශ කරන ලදී.


    අකාෂි මහතා සමඟ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති නොබුහිතෝ හොබො මහතා ද මේ අවස්ථාවට එක්විය.


    විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ජී.එල්. පීරිස්, විදේශ කටයුතු අමාත්‍යංශ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහත්වරුන් ද විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් ක්ශේනුකා සෙනෙවිරත්න මහත්මිය සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු පිරිසක් මීට එක් ව සිටියහ.

     

    SDF

    Japan Akashi PresidentJapan Akashi President 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya