මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මොහොමඩ් මහරුෆ් පදනම ජනපති අතින් විවෘත කෙරේ

    සැප්තැම්බර් 06, 2014

    හිටපු අමාත්‍යවරයෙකු, මන්ත‍්‍රීවරයෙකු මෙන් ම කොළඹ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙසත් කටයුතු කළ මොහොමඩ් මහරුෆ් මහතාගේ දේශපාලන ගමන ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ස්ථාපිත කරන ලද මොහොමඩ් මහරුෆ් පදනම විවෘත කිරීමේ උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (06) පෙරවරුවේ පැවැත්විණි.


    මැද කොළඹ සංවිධානය හා මානව හිමිකම් සංවිධානය එක් ව මොහොමඩ් මහරුෆ් මහතාගේ දියණිය ඩීනා මහරුෆ් මහත්මියගේ මූලිකත්වයෙන් අංක 112, පරාක්‍රම පාර, කොළඹ 14 ලිපිනයේ මේ පදනම ස්ථාපිත කර ඇත.

     

    උත්සවයට පැමිණි ජනාධිපතිතුමාව ඩීනා මහරුෆ් මහත්මිය විසින් පිළිගන්නා ලදී. ඉන් පසු ජනාධිපතිතුමා සමරු ඵලකය විවෘත කළේය. 

     

    මේ අවස්ථාවේදී මහරුෆ් පදනම මඟින් ඇස් කණ්ණ්ඩි හා රෝද පුටු ප්‍රදානයක් ද සිදු කෙරිණි. එය සංකේතවත් කරමින් ජනාධිපතිතුමා කිහිප දෙනෙකු වෙත ඇස් කණ්ණාඩි හා රෝද පුටු ප්‍රදානය කළේය.



    අති පූජ්‍ය මහා සංඝරත්නය ප්‍රමුඛ සර්ව ආගමික පූජකවරුන්, ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නවුසර් ෆවුසි යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ. 

    NDH/pmu_pix by Chandana Perera

    01 1

     

     

    03

     

    04

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya