මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්පාඤ්ඤය ත්‍රස්තවාදයේ බලපෑම අවබෝධ කර ගෙන සිටිනා බව ස්පාඤ්ඤ විදේශ ඇමති ජනපතිට පවසයි

    සැප්තැම්බර් 06, 2014

    ස්පාඤ්ඤ විදේශ කටයුතු සහ සහයෝගීතාව පිළිබඳ අමාත්‍ය ජෝසේ මැනුවෙල් ගාර්ෂියා - මර්ගලෝ ඉ මර්ෆිල් මහතා (Jose Manuel Garcia-Margallo y Marfil) අද (06) උදෑසන අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවිය.

    දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම කෙරෙහි සාකච්ඡාවේදී අවධානය යොමු විය. 

     

    ස්පාඤ්ඤ ත්‍රස්තවාදීන් සමඟ සටන් කිරීමට යොදන ලද පරිශ්‍රම පිළිබඳව පැවසූ අමාත්‍යවරයා, තම රට ද වසර ගණනාවක් ත්‍රස්තවාදයෙන් පීඩා විඳි නිසා ස්පාඤ්ඤය ත්‍රස්තවාදයේ බලපෑම හොඳින් අවබෝධ කර ගෙන ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට පැවසීය.

     

    උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත්කිරීම, නැවත පදිංචි කිරීම, ප්‍රතිසංස්කරණ කටයුතු කිරීම සහ පුනරුත්ථාපනය කිරීම ඇතුළු කඩිනම් පශ්චාත් යුද අවශ්‍යතා ආමන්ත්‍රණය කිරීම සඳහා ශ්‍රී ලංකාව ගන්නා ලද විවිධ ක්‍රියා මාර්ග
    ගණනාවක් පිළිබඳව ද ජනාධිපති රාජපක්ෂ මැතිතුමා පැහැදිලි කළේය.

     

    "ඔවුන්ව සමාජය විසින් පුනරුත්ථාපන කිරීමට ඉඩ සැලසිය යුතු යැයි මා සිතනවා", හිටපු එල්.ටී.ටී.ඊ. සටන්කරුවන් කඩිනමින් නැවත සමාජගත කිරීමේ රජයේ තීරණ පිළිබඳව ජනාධිපතිතුමා පවසා සිටියේය .

     

    "එය යා යුතු නිවැරදි මාර්ගය වුවත්, එය පහසු නැහැ" අමාත්‍ය මර්ගලෝ පිළිතුරු ලෙස පැවසීය. 

     
    ගැටුම් පැවති පෙදෙස්වල බෙහෙවින් දියුණු වී ඇති අධ්‍යාපන අවස්ථා පිළිබඳව ද ජනාධිපතිතුමා විස්තර කළේය. යුද්ධය පැවති කාලයේදී උතුරු හා නැගෙනහිර පළාත්වල සිසුන්ට ඉතා අල්ප අධ්‍යාපන පහසුකම්  හේතුවෙන් රටේ වෙන පළාත්වල සිසුන්ට වඩා අවාසි තත්ත්වයකට මුහුණ දෙන්නට සිදු වූ බව ඔහු විස්තර කළේය . එහෙත් දැන් ජාතික විභාගවල දී මුළු දිවයිනේ ම ඉහළ දක්ෂතා පෙන්වන්නේ එම කලාපයේ සිසුන්ය. 

     

    දෙරට අතර තානාපති සබඳතා ශක්තිමත් කරන අතර, ශ්‍රී ලංකාව සමඟ ආර්ථික සබඳතා වැඩිදියුණු කිරීමට තම රට විශේෂයෙන් උනන්දු වන බව ඇමතිතුමා පැවසීය. ස්පාඤ්ඤයේ ශ්‍රී ලංකාවට වඩා ස්ථාවර නියෝජනයක්
    ස්ථාපිත කිරීම පිළිබඳ ව ස්පාඤ්ඤය සලකා බලන බව එතුමා තවදුරටත් සඳහන් කළේය.

    එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 2015-2016 වාර සඳහා ස්ථිර නොවන ආසනයක් සඳහා ස්පාඤ්ඤයේ අපේක්ෂකත්වයට සහයෝගය දීම පිළිබඳව සලකා බලන ලෙස මාර්ගලෝ මහතා ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කළේය. ස්ථිර සාමාජිකයන් පස් දෙනාට අමතරව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වසර දෙකක වාර සඳහා ඡන්දයෙන් තෝරා පත්වන ස්ථිර‍ නොවන සාමාජිකයන් දස දෙනකුගෙන් ද සමන්විත වේ. තම රජය විසින් මෙම ඉල්ලීම සලකා බලන බව රාජපක්ෂ ජනාධිපතිතුමා පැවසීය.

    ජනාධිපති රාජපක්ෂ මැතිතුමාගේ ස්පාඤ්ඤ සංචාරයක් පිළිබඳ ව බලාපොරොත්තුවෙන් සිටින බව හමුව අවසාන වීමට පෙරාතුව අමාත්‍යවරයා පවසා සිටියේය. 

    අමාත්‍යවරයා සමඟ ශ්‍රී ලංකාවේ ස්පාඤ්ඤ කොන්සල් ජනරාල් ප්‍රියා ජයවර්ධන මහත්මිය ඇතුළු ඉහළ පෙළේ දූත පිරිසක් මේ හමුවට සහභාගී වී සිටියහ.


    විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ෂේනුකා සෙනෙවිරත්න යන මහත්ම මහත්මීහු ද මේ රැස්වීමට සහභාගි වූහ.

    NDH/HC

     

    02

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya