මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිරිඉබ්බන්වැව බණ්ඩාරනායක මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට

    සැප්තැම්බර් 05, 2014

    සෙවණගල කිරිඉබ්බන්වැව, බණ්ඩාරනායක මහා විද්‍යාලයේ ඉදිකෙරුණු මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් අද (05) පෙරවරුවේ සිසු අයිතියට පැවරිණි.


    මෙම මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය පරිගණක 40කින් සමන්විත පරිගණකාගාරයක්, පරිගණක 20කින් සමන්විත භාෂාගාරයක්, දුරස්ථ අධ්‍යාපනය සඳහා නැණස ඒකකයක්, ගණිතාගාරයක්, විද්‍යාගාරයක් යන අංගයන්ගෙන් සමන්විතය. 


    එහි සමරු ඵලකය නිරාවරණය කරමින් මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත වෙමින් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ ව ද සොයා බැලීය.

     

    දෙමාපියන් ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් පාසල අවට රැස්ව සිටි අතර ඔවුහු ද මහත් හරසරින් යුතු ව තම රාජ්‍ය නායකයාව පිළිගත්හ.

     

    අමාත්‍යවරුන් වන ජගත් පුෂ්පකුමාර, සුමේධා ජී. ජයසේන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, ලක්ෂ්මන් සෙනෙවිරත්න, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි යන මහත්ම මහත්මීහු  මෙම අවස්ථාවට එක් ව සිටියහ.

     

    NDH/pmu_pix by Nalin Hewapathirana

    kiriibbanwewa

     

    03 1

     

    06

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya