අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ ඉදි කර ඇති මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය පරිගණක 40කින් සමන්විත පරිගණකාගාරයක්, පරිගණක 20කින් සමන්විත භාෂාගාරයක්, දුරස්ථ අධ්‍යාපනය සඳහා නැණස ඒකකයක්, ගණිතාගාරයක්, විද්‍යාගාරයක් යන අංගයන්ගෙන් සමන්විතය.
එහි සමරු ඵලකය නිරාවරණය කරමින් මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත වෙමින් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ ව ද සොයා බැලීය.
අමාත්‍යවරුන් වන ජගත් පුෂ්පකුමාර, සුමේධා ජී. ජයසේන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, ලක්ෂ්මන් සෙනෙවිරත්න, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක් ව සිටියහ.
NDH/pmu_pix by Nalin Hewapathirana